ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ සීමාසහිත චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩිංග්ස් සමාගම අතර හම්බන්තොට වරාය මෙහෙයුම් කටයුතු සම්බන්ධයෙන් ඇති කර ගන්නා ල...
ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ සීමාසහිත චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩිංග්ස් සමාගම අතර හම්බන්තොට වරාය මෙහෙයුම් කටයුතු සම්බන්ධයෙන් ඇති කර ගන්නා ලද ගිවිසුම් ප්‍රකාරව ශ්‍රී ලංකා රජය වෙත ලැබිය යුතු වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 292.1 ක මුදල ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ශ්‍රී ලංකා ආණ්ඩුව වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන එක්සත් ජනපද ඩොලර් ගිණුම වෙත බැර වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
පසුගියදා කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ හම්බන්තොට මාගම්පුර වරාය චීනයට පවරා ලබා ගත් ඇමරිකානු ඩොලර් මිලියන 292ක මුදල මහා භාණ්ඩාගාරයේ නමින් මහබැංකුවේ පවතින විශේෂ ගිණුමට පසුගිය සිකුරාදා වන විටත් බැර කර නොමැති බවයි.
කෙසේවෙතත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මීට පෙර ප්‍රකාශ කර තිබුණේ හම්බන්තොට වරාය චීන-ශ්‍රී ලංකා හවුල් ව්‍යාපාරයක් ලෙස ආරම්භ කිරීමත් සමග ඒ වෙනුවෙන් ලැබුණු ඇමරිකානු ඩොලර් මිලියන 300 ආසන්න මුදල ශ්‍රී ලංකා විදේශ සම්පත් සංචිතයේ විශේෂ ගිණුමක තැන්පත් කරන බවයි.
හම්බන්තොට වරාය ව්‍යාපෘතිය පසුගිය 09 වනදා සිට චීන-ශ්‍රී ලංකා හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යෑමේ කටයුතු නිල වශයෙන් ආරම්භ කිරීම අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ චීන සමූහ ආණ්ඩුවේ හා චයිනා මර්චන්ට් පෝට් හෝල්ංඩිංග්ස් (CMPH) සමාගමේ නියෝජියින් පිරිසකගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ අංක 01 කමිටු ශාලාවේදී සිදු කළේය.
හම්බන්තොට වරාය වසර 99 බද්දට ගැනීමට අදාළ චීන සමාගම ශ්‍රී ලංකාවට ලබා දීමට නියමිත මුළු මුදල ඩොලර් බිලියන 1.1 කි.
COMMENTS