විදුලි බිල සංශෝධනය කිරීම සඳහාද ලබන මස 10 වනදාට පෙර මිල සූත්‍රයක් හඳුන්වාදීමට කඩිනමින් කටයුතු සිදුවෙමින් පවතින බව ලංකා විදුලි සේවක සංගමයේ ල...
විදුලි බිල සංශෝධනය කිරීම සඳහාද ලබන මස 10 වනදාට පෙර මිල සූත්‍රයක් හඳුන්වාදීමට කඩිනමින් කටයුතු සිදුවෙමින් පවතින බව ලංකා විදුලි සේවක සංගමයේ ලේකම් රන්ජන් ජයලාල් මහතා චෝදනා කරයි.
ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය කැඳවා තිබූ මාධ්‍ය හමුවකට ඊයේ (15) පෙරවරුවේ එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
"ආණ්ඩුවට කියනවා, අභියෝග කරනවා පුලුවන්නම් සහතිකයි විදුලි බලයට මිල සූත්‍රයක් එන්නෙ නෑ කියා පුලුවන්නම් කියන්න කියල. මම ඉතාමත් වගකීමෙන් කියනවා විදුලි අමාත්‍යාංශයේ විදුලිබල මණ්ඩලය ඇතුලේ ලහිලහියේ කටයුතු කරමින් තිබෙනවා ලබන මාසේ 10 වෙනිදට විතර කලින් විදුලි බලය සඳහා මිල සූත්‍රය සකස් කරන්න."
COMMENTS