දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බ්‍රිතාන්‍ය රජ පවුලට එක් වන අලුත් කුමරිය ගැන මේ කරුණු දැන සිටියාද?
Homeගොසිප්

බ්‍රිතාන්‍ය රජ පවුලට එක් වන අලුත් කුමරිය ගැන මේ කරුණු දැන සිටියාද?

PropellerAds

බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ මේගන් මාකල් අතර විවාහ ගිවිස ගැනීම පසුගියදා නිවේදනය කෙරිණ. 2018 වසන්ත සමයේ ඔවුන්ගේ විවාහය සිදුවෙන බවට ඉඟි පළ වී...

දිවියෙන් සමුගත් යතුරු පැදි ශූර ආනන්ද වෙඩිසිංහගේ මරණීය අනතුර සිදුවූ හැටි (වීඩියෝ)
රත්නපුරදී මහරෑ මඩේ එරුණු හමුදා බෆල් රථය කොල්ලො ගොඩගත් හැටි (video)
පූර්ණිකා -සහන් මව පියා පිල් බෙදුණ තරගෙ නිසා සිඟිත්තාට බර්ත් ඩේ සැමරුම් දෙකක්

බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ මේගන් මාකල් අතර විවාහ ගිවිස ගැනීම පසුගියදා නිවේදනය කෙරිණ. 2018 වසන්ත සමයේ ඔවුන්ගේ විවාහය සිදුවෙන බවට ඉඟි පළ වී තිබේ.

කව්ද මේ 'මේගන් මාකල්'?

1981 අගෝස්තු මස 4 වෙනි දින නෙදර්ලන්ත-අයර්ලන්ත සම්භවයක් ඇති තෝමස් වෙයින් මාකල් සහ අප්‍රිකානු-ඇමරිකානු සම්භවයක් ඇති ඩොරියා රැග්ලන්ඩ් ට දාව කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් නුවරදී උපත ලද මේගන් මාකල්, අද ලෝකයේ වැඩියෙන්ම කතා බහට ලක් වන කාන්තා චරිතය වී සිටියි.

නිළියක පමණක් නොව දක්ෂ නිරූපිකාවක ලෙස ද කටයුතු කළ මේගන් ජනප්‍රියත්වයට පත් වූයේ 2011 වසරේ සිට තිරගත වන 'සූට්ස්' නමැති ඇමෙරිකානු රූපවාහිනී විශේෂාංග මාලාව හරහාය. එහි රේචල් සේන්ගේ චරිතයට පණ පොවන මේගන්, 2016 දී ලෝකයේ වැඩිම වාර ගණනක් ගූගල් සෙවීම් (Google search) කෙරුණු නිළියන් අතර ඉහළම ස්ථානයක සිටී.

හැරී කුමරු සේම මානව හිතවාදී කටයුතු වල නියැලෙන, ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ උපාධිධාරිණියක් වන ඇය පසුගිය වසරේ දී කැනඩාවේ 'වර්ල්ඞ් විෂන්' (World Vision) රාජ්‍ය නොවන ආයතනයේ තානාපතිවරියක ලෙස ද කටුයුතු කර තිබේ.

වර්ල්ඞ් විෂන් ආයතනය සමග එක්ව රුවන්ඩාවේ පිරිසුදු පානීය ජල ව්‍යාපෘතියක් පිහිටුවීමට දායක වූ ඇය, තවත් පුණ්‍යායතන කිහිපයකටම සිය දායකත්වය ලබා දෙමින් මානව හිතවාදී ව්‍යාපෘති වලට සම්බන්ධව කටයුතු කරමින් සිටී.

කැනඩාවේ 'වර්ල්ඞ් විෂන්' රාජ්‍ය නොවන සංවිධානයේ තානාපතිවරියක ලෙස ඇය කටයුතු කළාය

කාන්තා අයිතීන් වෙනුවෙන් හඬ නගන්නියක වන මේගන්, කාන්තාවන්ට නිසි අධ්‍යාපනයක් ලැබීමේ අයිතිය පිළිබඳව අවස්ථා කිහිපයකදීම 'ටයිම්' සඟරාවට අදහස් ප්‍රකාශ කර ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාන්තා අයිතීන් වෙනුවෙන් ක්‍රියාත්මක ආයතන රැසකට සිය සක්‍රීය දායකත්වය ලබා දෙන මේගන්ගේ මානව හිතවාදී ක්‍රියාකාරකම් අගය කරමින් පසුගියදා කැනඩාවේ ඔටාවා නුවර පැවැත්වුණු 'වන් යංග් වර්ල්ඞ්' (One Young World) තරුණ සමුළුවේදී විශේෂ ගෞරව සම්මානයක් ද පිරිනැමුණි.

රාජකීය රීතීන්ට අනුව විවාහයෙන් පසු ඇයට රංගනයට සමුදීමට සිදු වුවත්, මානව හිතවාදී කටයුතු වෙනුවෙන් තම කාලය වැඩිපුර යෙදවීමට හැකි වෙනු ඇතැයි ඇය බීබීසීය සමග පැවැත් වූ සම්මුඛ සාකච්ඡාවකදී පවසා සිටියාය.

ඇමරිකානු පුරවැසියෙකු වන ඇයට බ්‍රිතාන්‍යය පුරවැසිභාවය ලබා ගැනීම සඳහා සාමාන්‍ය පුද්ගලයකුට අදාළ වන සියලුම නීති වලට යටත්ව වසර ගණනාවක් බලා සිටීමට සිදු වනු ඇතැයි බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරයි.

විලියම් කුමරුගේ බිරිය කේට් මිඞ්ල්ටන් මෙන්ම මේගන් මාකල් ද රජ පවුලක සාමාජිකාවක නොවන අතර ඇයට රාජකීය ලේ උරුමයක් නැත. එබැවින් විවාහයෙන් පසුව ඇය හඳුන්වීමට නියමිතව තිබෙන්නේ කුමාරිකාවක ලෙස නොව ආදිපාදවරියක් (Duchess) ලෙසය. එනමුත් ලෝකයේ බොහෝ දෙනෙකු දැනටමත් ඇය හඳුන්වන්නේ රජ පවුලේ අලුත් කුමාරිකාව ලෙසිනි.

බ්‍රිතාන්‍ය රජ පවුලේ සාමාජිකයෙකු ඇමරිකානු කාන්තාවක විවාහ කර ගැනීම දෙවන වරටත් ඉතිහාසගත වන්නේ මේගන් - හැරී විවාහයත් සමගය. 1936 දී බ්‍රිතාන්‍ය කිරුළ දැරූ අටවන එඩ්වඩ් රජු වොලිස් සිම්ප්සන් නම් ඇමෙරිකානු ජාතික කාන්තාවක විවාහ කරගත්තේය.

වොලිස් සිම්ප්සන් මෙන්ම මේගන් ද කලින් විවාහ වී සිට තිබේ. චිත්‍රපට නිෂ්පාදකවරයෙකු සහ නළුවෙකු වූ ට්‍රෙවර් එන්ගල්සන් සහ මේගන් 2011 වසරේදී විවාහ වූවත් එම විවාහය පැවතියේ 2013 වසර තෙක් පමණි.

වොලිස් සිම්ප්සන්ට වඩා "බ්‍රිතාන්‍යයේ රෝස කුසුම" ලෙස හැඳින්වෙන ඩයනා ස්පෙන්සර් කුමරියගේ ගතිගුණ සහ මේගන් අතර සම්නතා පවතින බව ජාත්‍යන්තර නිරීක්ෂකයන්ගේ මතය වී තිබේ.

36 වෙනි වියේ දී රිය අනතුරකින් අකාලයේ මිය ගිය ඩයනා කුමරිය තම රාජකීය සංචාර යොදාගත්තේ ලෝකයේ ලෙඩ රෝග සහ ආර්ථික දුෂ්කරතා වලින් පීඩා විඳින ජනතාව හමුවීමටය. රාජකීයයන් සම්බන්ධයෙන් එතෙක් පැවති ආකල්ප වෙනස් කිරීමට සමත් වූ ඩයනා කුමරිය "ජනතාවගේ කුමරිය" ලෙස ප්‍රසිද්ධියට පත්වූවාය.

සිය සංචාරයක් අතරතුර HIV ඒඩ්ස් ආසාදිත රෝගීන්ට අතට අත දී ඔවුන් සමග කාලය ගත කිරීමෙන් ඒඩ්ස් රෝගීන් ගැන සමාජයේ ඇති වී තිබුණු වැරදි මත වලට අභියෝග කිරීමට ඇය සමත් වූවාය.

කාන්තාවන්ගේ ජීවන රටාව ගැන 'ටිග්' (The Tig) නමින් බ්ලොග් අඩවියක් ආරම්භ කළ මේගන් එහි ප්‍රධාන කතුවරිය ලෙස විවිධ මාතෘකා යටතේ ලිපි පළ කරමින් සමාජ ජාල වල අතිශය ජනප්‍රිය වී සිටියාය. 'ටිග්' බ්ලොග් අඩවියේ ලිපි අතරින්, රූපලාවන්‍යය, කෑම, විලාසිතා සහ සංචාරයන් පිළිබඳව පළ වූ ලිපි කාන්තාවන්ගේ නොමඳ ප්‍රසාදයට ලක් වී ඇත.

කාන්තා අයිතීන් ගැන සහ ලෝකයේ බලවත් කාන්තාවන්ගේ තොරතුරු ද එම බ්ලොග් අඩවියේ අවධානයට බඳුන් විය. රාජකීය පවුලට සම්බන්ධ වීමේ පෙර සූදානමක් ලෙස, 2017 අප්‍රේල් මාසයේ එම බ්ලොග් අඩවිය වසා දමන ලදි.

"මට කවදාවත් දිවා භෝජන සංග්‍රහ වලට යන කාන්තාවක් වෙන්න ඕන වුනේ නැහැ. ඒ වෙනුවට වැඩ කරන ගැහැනියක් වීමටයි මට ඕන වුනේ," මේගන් 'ටිග්' බ්ලොග් අඩවියේ තැබූ මෙම සටහන බොහෝ කාන්තාවන සිය ආදර්ශපාඨය බවට පත් කරගෙන් තිබුණි.

මිලියන 1.9 ක අනුගාමිකයන් පිරිසක් සහිත ඇයගේ ඉන්ස්ටර්ග්‍රෑම් (Instagram) ගිණුම සහ 350,000 කට අධික Followers සහිත ට්විටර් ගිණුම දෙස බැලූ විට පෙනී යන්නේ බ්‍රිතාන්‍ය රජ පවුලට සම්බන්ධ වීමට පෙර සිටම ඇය ලෝකයේ ඉතා ජනප්‍රිය චරිතයක්ව සිටි බවය.

කුඩා කල සිට මානව හිතවාදී ගුණාංග පිළිබිඹු කළ මේගන්, යාන්තමින් වයස 11 එළැඹෙද්දී සබන් නිෂ්පාදන ආයතනයක් ප්‍රචාරය කළ වෙළඳ දැන්වීමක කොටසක් වෙනස් කිරීමට බල කරමින් කරමින් එකළ ඇමරිකාවේ පළමු කාන්තාව වූ හිලරි ක්ලින්ටන් වෙත ලිපියක් යොමු කළාය.

කාන්තාවන්ට හිමි ස්ථානය මුළුතැන්ගෙය බවක් එම වෙළඳ දැන්වීම මගින් ගම්‍ය වන බව ඇය සිය ලිපියේ සඳහන් කර තිබුණි.

ලිපිය යවා මසක් ගත වෙද්දී එයට ප්‍රතිචාර දක්වමින් සබන් නිෂ්පාදන ආයතනය තම වෙළඳ දැන්වීමේ 'කාන්තාවන්' යන්න ඉවත්කළ අතර පොදුවේ 'මිනිසුන්' ආමන්ත්‍රණය කරමින් දැන්වීම වෙනස් කරන ලදී.

කාන්තාවන්ට සම තැන හිමි වීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් 2015 දී ලෝක කාන්තා දිනය වෙනුවෙන් සංවිධානය වූ එක්සත් ජාතීන්ගේ රැස්වීම ඇමතූ ඇයට, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහ ලේකම් බෑන් කීන් මූන් ඇතුළු ප්‍රේක්ෂකාගාරයේ සිටි සියලු දෙනා සිය ආසන වලින් නැගී සිට ඔල්වරසන් නැගූහ.

කාන්තා අයිතීන් වෙනුවෙන් පෙනී සිටින මාකල්

රාජකීය පවුලට සම්බන්ධ වීමේදී පිළිපැදිය යුතු නීති රීති වලට අනුව ඇය සියලු සංවිධාන සහ ආයතන වලින් ඉවත්විය යුතුය. නමුත් ඉදිරියේදී එක්සත් රාජධානිය සහ පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල වෙසෙන කාන්තාවන්ගේ අයිතීන් වෙනුවෙන් රාජ්‍ය මට්ටමින් ඇය සිය ව්‍යාපෘති දියත් කරනු ඇත.

මිශ්‍ර ජාතික උරුමයක් සමග මෙලොව එළිය දුටු මේගන් වරක් සඳහන් කළේ, "මම මිශ්‍ර ජාතිකයෙක් වීමෙන් මගේ අනන්‍යතාවය හෙළි කිරීමේදී අඳුරු පැතිකඩක් නිර්මාණය වී තිබෙනවා. මේ හේතුවෙන්, මගේ පාදය වැට දෙපසම තබා ගන්න සිදු වෙලා. නමුත් මම එය ඉතා අගය කිරීමට පුරුදු වී තිබෙනවා. මම කවුද, කොහෙන්ද පැවත එන්නේ කියල සහ බලවත්, පෞරුෂයක් හිමි මිශ්‍ර ජාතික කාන්තාවක් කියල මට විවෘතව කියන්න පුළුවන්."

(BBC)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29313,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බ්‍රිතාන්‍ය රජ පවුලට එක් වන අලුත් කුමරිය ගැන මේ කරුණු දැන සිටියාද?
බ්‍රිතාන්‍ය රජ පවුලට එක් වන අලුත් කුමරිය ගැන මේ කරුණු දැන සිටියාද?
http://ift.tt/2kifkfd
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_3.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_3.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy