අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂන කොමිසම වෙත 2014 වසරේ සිට 2017 වසරේ ජුනි 30 දක්වා කාලය තුළ ගොනු කර ඇති පැමිණිලි වලින් 7,564ක පරීක්ෂණ අවසන් කර...
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂන කොමිසම වෙත 2014 වසරේ සිට 2017 වසරේ ජුනි 30 දක්වා කාලය තුළ ගොනු කර ඇති පැමිණිලි වලින් 7,564ක පරීක්ෂණ අවසන් කර ඇති අතර ඉන් අධිකරණය හමුවේ නඩු පවරා ඇත්තේ පැමිණිලි 298කට පමණක් බව පාර්ලිමේන්තුවේදී අනාවරණය වී තිබේ.
එම කාලය තුළ කොමිසමට පැමිණිලි 11,030ක් ලැබී තිබේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂන කොමිසම වෙත 2014 වසරේ සිට 2017 වසරේ ජුනි 30 දක්වා කාලය තුළ ලැබී ඇති පැමිණිලිවලට ආදළ පරීක්ෂණවල වත්මන් තත්වය සම්බන්ධයෙන් විමසමින් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා විසින් පාර්ලිමේන්තුවේදී ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍යවරයාගෙන් අසන ලද ප්‍රශ්නයකට අනුව මේ තොරතුරු හෙළිව ඇත.
ඒ අනුව 2014 වසරේදී පරීක්ෂණ අවසන් කර ඇති පැමිණිලි 1999කින් නඩු පවරා ඇත්තේ පැමිණිලි 64කත් 2015 වසරේදී පරීක්ෂණ අවසන් කර ඇති පැමිණිලි 2818න් පැමිණිලි 108කටත් 2016 වසරේ පරීක්ෂණ අවසන් කර ඇති 2242න් නඩු පවරා ඇත්තේ පැමිණිලි 87කටත් පමණි.
එමෙන්ම 2017 වසරේ ජුනි 30 දක්වා කාලය තුළ ලැබී ඇති 1322ක පැමිණිලිවලින් පැමිණිලි 803ක පරීක්ෂණ කටයතු අවසන් කර ඇති අතර ඉන් නඩු පවරා ඇත්තේ පැමිණිලි 39කට අදාළව පමණි.
මෙම නඩුපැවරීම්වලදී දේශපාලනඥයන්ට අදාළව 2015 වසරේදි නඩු 19ක් 2016 වසරේදී නඩු 27ක් සහ 2017 වසරේ ජුනි 30 දක්වා කාලය තුළ නඩු 03ක් පමණක් ගොනු කර ඇත.
මේ අනුව හිටපු අල්ලස් කොමසාරිස්වරිය නෙරපා හැරීමෙන් පසු අල්ලස් කොමිසම කරමින් සිටින පරීක්ෂණ ප්‍රමාණයද අඩු වී තිබෙන බව පැහැදිලි වේ.
COMMENTS