ශ‍්‍රී ලංකික ශ‍්‍රමිකයන්ට ජපානයේ රැකියා අවස්ථා හිමිව තිබෙනවා. ඒ, විදේශ රැකියා අමාත්‍යංශය සහ IM ජපාන ආයතනය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම අන...
ශ‍්‍රී ලංකික ශ‍්‍රමිකයන්ට ජපානයේ රැකියා අවස්ථා හිමිව තිබෙනවා. ඒ, විදේශ රැකියා අමාත්‍යංශය සහ IM ජපාන ආයතනය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම අනුවයි.
ඒ අනුව, ජපාන භාෂා ප‍්‍රවීණතාව N 4 මට්ටම සමත් හෝ හදාරා ඇති වයස අවුරුදු 18ත් 30ත් අතර තරුණ තරුණියන්ට මේ සඳහා අයදුම් කළ හැකි බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ.
සාත්තු සේවිකාවන් 150 දෙනෙකු සඳහාත් ඉදිකිරිම් ක්ෂේත‍්‍රයේ රැකියා සඳහා තරුණයන් 8 දෙනෙකුටත් මුල් අදියර යටතේ රැකියා අවස්ථා හිමිව තිබෙනවා. ඒ සඳහා අයදුම් කිරීමට කැමති තරුණ තරුණියන්ට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අලෙවිකරණ අංශයෙන් වැඩිදුර තොරතුරු ලබාගත හැකි බවයි එම කාර්යාංශය නිවේදනය කළේ.
COMMENTS