පළාත් පාලන ආයතන 248කට අදාළ නාම යෝජනා භාර ගැනීමේ කටයුතු අද මධ්‍යහන 12.00න් අවසන් විය. පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ නාම යෝජනා භාර ගැනීමේ දෙ...
පළාත් පාලන ආයතන 248කට අදාළ නාම යෝජනා භාර ගැනීමේ කටයුතු අද මධ්‍යහන 12.00න් අවසන් විය.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ නාම යෝජනා භාර ගැනීමේ දෙවන අදියර වන මෙම අදියරේ දී නාම යෝජනා භාර ගැනීමේ කටයුතු පසුගිය 18 වනදා ආරම්භ විය.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ පළමු අදියර යටතේ පළාත් පාලන ආයතන 93ක් සඳහා නාමයෝජනා භාරගැනීම පසුගිය 11 වනදා සිට 14 වනදා මධ්‍යහන 12.00 දක්වා සිදු කෙරිණි.
මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ දෙවන අදියරේ නාමයෝජනා භාරගැනීම අද මධ්‍යහන 12.00න් අවසන්වීමෙන් අනතුරුව පැය 02ක කාලයක් විරෝධතා ගොනු කිරීම සඳහා අවස්ථාව හිමිවන බවයි.
නාමයෝජනා භාරගැනීමේ අවසන් දිනය වන අද දින තුළ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ආශ්‍රිතව පොලීසීය විසින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබේ.
මේ අතර අද දිනයේ ද ප්‍රධාන දේශපාලන පක්ෂ පළාත් පාලන ආයතන කිහිපයක් සඳහා නාමයෝජනා පත්‍ර භාරදෙනු ලැබිණි.
COMMENTS