සිවිල් යුද්ධයෙන් අනතුරුව එල්ටීටීඊ සංවිධානයේ ක්‍රියාකාරීන් ලෙස කටයුතු කළ පසු ගිය සන්ධාන රජය යටතේ පුනරුත්ථාපනය කර සමාජ ගත කළ කිසිදු පිළිස...
සිවිල් යුද්ධයෙන් අනතුරුව එල්ටීටීඊ සංවිධානයේ ක්‍රියාකාරීන් ලෙස කටයුතු කළ පසු ගිය සන්ධාන රජය යටතේ පුනරුත්ථාපනය කර සමාජ ගත කළ කිසිදු පිළිසරණක් නොමැති දස දහසකට ආසන්න ද්‍රවිඩ පිරිසට සමාජ ගත වීම සඳහා ආර්ථික ශක්තියක් ලබාදීමට උතුරු නැගෙනහිර ක්‍රියාත්මක කිසිදු ද්‍රවිඩ දේශපාලන සංවිධානයක් ඉදිරිපත් නොවීම නිසා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් මත ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත.
යුද හමුදාව විසින් උතුරු පළාත ආශ්‍රිතව ආරම්භ කර ඇති ගොවිපළවල සේවය කිරීමට පුනරුත්ථාපනය කර සමාජගත කර ඇති එල්ටීටීඊ සංවිධානයේ ක්‍රියාකාරීන් පිරිසක් යෙදවීමට අදාළ ව්‍යාපෘතිය යටතේ අවධානය යොමු වී ඇති අතර සෙසු පිරිසට සිවිල් සංවිධාන හා විවිධ දානපතියන්ගේ සහායෙන් ස්වයං රැකියා ලබා දීමේ වැඩ සටහනක් ද ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව වාර්තාවේ.
පුනරුත්ථාපනය වී සමාජගත වී ඇති එල්ටීටීඊ ක්‍රියාකාරීන් සඳහා ආර්ථික ශක්තියක් ලබාදීමට වැඩ පිළිවෙළක් සකස් කිරීමට කටයුතු නොකරන්නේ ඇයි දැයි ද්‍රවිඩ ජාතික සංවිධානය නියෝජනය කරන උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවජිලිංගම් මහතාගෙන් කළ විමසීමක දී ප්‍රකාශ කළේ පුනරුත්ථාපනය කර සමාගත කළ එල්ටීටීඊ ක්‍රියාකාරීන්ට ආර්ථික ශක්තියක් ලබාදීමේ වැඩ පිළිවෙළක් සකස් කිරීම රජයක යුතුකමක් විය යුතු බැවින් ඒ සඳහා මැදිහත් වීමට අවස්තාවක් නොවන බවය.
පුනරුත්ථාපනය වීමෙන් අනතුරුව සමාජගත වී සිටින එල්ටීටීඊ සංවිධානයේ ක්‍රියාකාරීන් සඳහා ආර්ථික ශක්තියක් ලබාදීමට ජාත්‍යන්තර ද්‍රවිඩ ප්‍රජාවගෙන් මුල්‍ය ප්‍රතිපාදන ලබන ද්‍රවිඩ ජාතික සන්ධානයේ වගකීමක් බව සඳහන් කළ ඊ.පී.ඞී.පී සංවිධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩගලස් දේවානන්ද මහතා තමන් අමාත්‍යවරයකුව සිටිය දී එවැනි වැඩ පිළිවෙළක් දියත් කිරීමට කටයුතු කළ නමුත් උතුරු නැගෙනහිර කිසිදා ද්‍රවිඩ සංවිධානයක් හෝ එවකට පාලනය හොබ වූ සන්ධාන රජය හෝ ඒ සඳහා කිසිදා සහායක් ලබා නොදුන් බව සඳහන් කළ අතර තමන් විපක්ෂ මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරමින් සිටින බැවින් එවැනි වැඩ පිළිවෙළක් සඳහා සහාය ලබාදීමට කිසිදු ශක්තියක් නොමැති බව ද ඩග්ලස් දේවානන්ද මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
-ශාන්ත අබේසිරිගුණවර්ධන
COMMENTS