හිටපු අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරීන් හත්දෙනාගෙන් පස්දෙනෙකු ඉවත්කර ඇතැයි වාර්තා වේ. පොලිස්පති...
හිටපු අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරීන් හත්දෙනාගෙන් පස්දෙනෙකු ඉවත්කර ඇතැයි වාර්තා වේ.
පොලිස්පතිවරයාගේ නියෝගයක් පරිදි අදාල පිරිස ඉවත් කර ඇති බව පැවසේ.
විජේදාස මහතා අමාත්‍ය ධූරයෙන් ඉවත් කෙරුණු පසු ද ඔහුට පොලිස් පරීක්ෂකවරයෙක්, උප පොලිස් පරීක්ෂකවරයෙක්, සාජන් වරයෙකු හා පොලිස් කොස්තාපල්වරු සිවුදෙනෙකු ලබාදී තිබිණි.
කෙසේවුවද, අද සිට ඔහුගේ ආරක්ෂාවට ලබාදී ඇත්තේ පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙකු පමණක් බවද මේ අතර වාර්තා වේ.
COMMENTS