ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පළාත් පාලන මැතිවරණයට තරග කිරීම සඳහා වැඩි ඉල්ලුමක් පැවැතීම හේතුවෙන් අපේක්‍ෂකයන් තෝරා ගැනීමේදී විශාල අභියෝගයක්...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පළාත් පාලන මැතිවරණයට තරග කිරීම සඳහා වැඩි ඉල්ලුමක් පැවැතීම හේතුවෙන් අපේක්‍ෂකයන් තෝරා ගැනීමේදී විශාල අභියෝගයක් වූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවැසීය.
සෑම පළාත් පාලන ආයතනයකටම අපේක්ෂකයන් තෝරා ගැනීමේදී මේ තත්ත්වය උදාවූ බවද පැවැති විශාල ඉල්ලුම හේතුවෙන් කිසිවකුට සිත්තැවුල් ඇති නොවන පරිදි කටයුතු කිරීම විශාල අභියෝගයක් වූ බවද මහින්ද රාජපක්‍ෂ මහතා පැවැසීය.
මැතිවරණයක් ප්‍රකාශයට පත්කර තිබෙන මේ අවස්‌ථාවේ සමහර ප්‍රදේශවල බඩු බෙදන බවට පැමිණිලි ලැබෙන බවත්, හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ එය වැඩියෙන් පෙනෙන බවත් පැවැසූ හිටපු ජනාධිපතිවරයා සිමෙන්ති කොට්‌ට, මුදල්, මහන මැෂින් බෙදීම් සිදු වුවත් ඒවා මැතිවරණ කොමිසමට නොපෙනෙන බවත් සඳහන් කළේය.
COMMENTS