ප සුගිය සිකුරාදා රාත්‍රියේ මහරගම - පිළියන්දල බස් මාර්ගයේ ඇරැව්වල ප්‍රදේශයේදී බීමතින් රිය පැදවූ කථිකාචාර්යවරයෙකු පදික කාන්තාවක් යට කර මරාදාම...
පසුගිය සිකුරාදා රාත්‍රියේ මහරගම - පිළියන්දල බස් මාර්ගයේ ඇරැව්වල ප්‍රදේශයේදී බීමතින් රිය පැදවූ කථිකාචාර්යවරයෙකු පදික කාන්තාවක් යට කර මරාදාමා පළා යැමට උත්සාහ කර තිබූ අතර එම අවස්ථාවේ අසල නවතා තිබූ ත්‍රිරෝද රථ දෙකකත් යතුරුපැදියකත් වාහනය හප්පා ඒවායේ ගමන් කළ අයට තුවාල සිදුකර තිබූ අතර ඔහු නතරවූයේ අසල පිහිටා තිබූ කුඹුරකට වාහනය පෙරළීයාමෙනි.
මෙම වගකීම් විරහිත හැසිරීම සිදු කර තිබුනේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ ,
සංඛ්‍යාන හා පරිගණක විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය 56 හැවිරිදි ආනන්ද එදිරිසූරිය යි.
ඔහු පැදවූ සුබෝපභෝගී ජීප් රථයේ හැපීම නිසා මියගොස් ඇත්තේ වයස අවුරුදු 66ක් වූ ඇරැව්වල ශ්‍රී විජය මාවත, රන්කේත පෙදෙසහි පදිංචි දන්වත්ත ලියනගේ පොඩිනෝනා නමැති වයෝවෘද්ධ කාන්තාවකි.
ආචාර්යවරයා අනතුර වන අවස්ථාවේ අධික ලෙස මත්පැන් පානය කර සිටි බවත් පොලිසිය සිදු කළ පරීක්ෂණවලින්ද තහවුරුවී තිබේ.
මහරගම සිට පිළියන්දල දෙසට ධාවනය වෙමින් තිබූ ජීප් රිය පළමුව කාන්තාව අනතුරට ලක්කර අසල නවතා තිබූ ත්‍රිරෝද රථ දෙකක ගැටී රෝද දෙකක් උඩ අතට හැරීපාර මැද පෙරළී ගොස් ඇත. පසුව පිළියන්දල දෙස සිට පැමිණි යතුරුපැදියේ ගැටී කුඹුරක් අසල පිහිටි බොක්කුවක සිරවීමත් සමඟ යකුරුපැදිය පදවාගෙන ආ පුද්ගලයා ජලය ගලා යන ඇළ මාර්ගයට විසි වී වැටුණු බවත් ඒ සමඟ පෙරළී ඇදිගිය ජීප් රථය වෙලට වැටී නතර වුණු බවත් සිද්ධිය දුටුවන් දන්වා තිබේ.
යතුරුපැදියේ පැමිණි පුද්ගලයා සහ ජීප් රියට යට වූ කාන්තාව ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කරන ලද අතර ඇතුලු කරන විටත් කාත්තාව මියගොස් සිටියාය.යතුරුපැදිකරුගේ පාදයකට හා කොඳු ඇටපෙළට බරපතළ තුවාල වී ඇත.
අනතුරින් යතුරුපැදියට හා එක් ත්‍රිරෝද රථයකට බරපතළ හානි වී තිබුණි.
මියගිය කාන්තාව සිය සැමියා සමග ත‍්‍රිරෝද රථයෙන් ගමනක් ගොස් නිවෙස් බලා එන අතරතුර පාන් ගැනීමට ත‍්‍රිරෝද රථය මාර්ගය අයිනේ නතර කර තිබී ඇත. ඇය පාර මාරුවී අසල වෙළෙඳසලට ගොස් පාන් ගෙඩියක් ගෙන නැවත පාර මාරුවීමට යෑමේදී මෙම අනතුරට මුහුණ පා ඇතැයි පොලිස් පරීක්‍ෂණවලදී හෙළිවී තිබේ.
මහරගම - පිළියන්දල පාරේ, ඇරැව්වල ප‍්‍රදේශයේදී ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ කථිකාචාර්යවරයකු විසින් බීමතින් පැදවූ සුඛෝපභෝගී ජීප් රථයක් ත‍්‍රිරෝද රථ දෙකක හා යතුරු පැදියක ගැටී සිදුවූ අනතුරකින් පාර මාරුවෙමින් සිටි විවාහක කාන්තාවක මරුමුවට පත්ව ඇතැයි මහරගම පොලිසිය කියයි.
බීමත්ව අනතුර සිදු කළ දෙහිවල, අත්තිඩිය, ප‍්‍රධාන වීදිය පදිංචි ටෙරන්ස් ආනන්ද එදිරිසූරිය නමැති කථිකාචාර්යවරයා නුගේගොඩ වැඩබලන මහෙස්ත‍්‍රාත් රමණි කුලරත්න මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මියගිය කාන්තාවට රුපියල් ලක්‍ෂයක් හා තුවාලකරුට රුපියල් ලක්‍ෂයක් ලබාදීමට සැකකාර කථිකාචාර්යවරයා අධිකරණය හමුවේ පොරොන්දු වී තිබේ.සැකකාර කථිකාචාර්යවරයාගේ රියදුරු බලපත‍්‍රය මෙම නඩුව අසා නිම වන තුරු අවලංගු කිරිමට මහෙස්ත‍්‍රාත්වරිය පොලිසියට නියෝග කර තිබේ.රුපියල් ලක්‍ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මහෙස්ත‍්‍රාත්වරිය නියෝග කර තිබේ.

COMMENTS