නාමල් රාජපක්ෂ සහ ප්‍රසන්න රණතුංග යන මහත්වරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කිරීමේ ක්‍රියාදාමයේ නිරත වන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය දයා...
නාමල් රාජපක්ෂ සහ ප්‍රසන්න රණතුංග යන මහත්වරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කිරීමේ ක්‍රියාදාමයේ නිරත වන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.
ඒ ඊයේ (13) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදී අමාත්‍යවරයා මෙසේ අදහස් දැක්වීය.
“ජනාධිපතිතුමා බැසිල් රාජපක්ෂ මහතා දුරකතනෙන් කතා කළා කියලා දාලා තියෙනවා මමත් දැක්කා. කතා කරන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැනේ. මරා ගන්න තත්ත්වයක් නැහැනේ. එකතු වෙනවට වැඩිය එතුමා යම් උත්සහයක් දරන්නේ කොහොම හරි මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බෙදෙන්නේ නැතුව, කඩන්නේ නැතුව තියා ගන්න. සාකච්ජා ඉවරයි. අවසන් සාකච්ජාව කළා. අසාර්ථකයි. ඩිලාන් පෙරේරා මැතිතුමා ආයාචනා කරන්න පුළුවන් උපරිමෙන් එතුමා ආයාචනා කළා. එගොල්ලොමයි කඩාකප්පල් කළේ. ජී.එල්. පීරිස් ඇමතිතුමා ප්‍රසිද්ධියේම කිව්වා වෙලාවක් නැහැ. දැන් වැඩ ඉවරයි. නිදිමතයි. අරහෙමෙහේ කියලා ගියා යන්න. පක්ෂය එකතු කර ගන්න තමයි ජනාධිපතිතුමාට උවමනා වෙලා තියෙන්නේ. එතුමා කිව්වා ඒ වෙනුවෙන් ඕන දෙයක් කරන්න.”
“එක්කෙනෙක් ප්‍රසන්න රණතුංග, අනිත් කෙනා ඔය කියන නම තමයි. නාමල් රාජපක්ෂ මහත්තයා. ඒ දෙන්නා තමයි මේ පක්ෂේ කඩන්න එතුමා වටේ ඉන්න අය කීපදෙනෙක් එක්ක එකතු වෙලා තමයි මේ පක්ෂේ විනාශ කරන වැඩේ කරේ. බහුතරේම අපිත් එක්ක ඇවිල්ලා කතා කරනවා අපි කැමතියි කියලා. ඉතින් මම දන්නේ නැහැ කොහෙද අවසන් තීන්දුව ගන්නේ කවුද කියලා.”යැයිද වැඩිදුරටත් අදහස් දැක්වීය.
COMMENTS