දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
විල්පත්තුවම වනජීවී කලාපයක් - ජනපතිගෙන් දැඩි තීරණයක්
Homeප්‍රවෘත්ති

විල්පත්තුවම වනජීවී කලාපයක් - ජනපතිගෙන් දැඩි තීරණයක්

PropellerAds

විල්පත්තුව අභය භූමියට අයත් වන ප්‍රදේශය තවදුරටත් පුළුල් කරමින් දැනට වන ජීවි දෙපාර්තමේන්තුවට අයත් නොවන ඒ ආශ්‍රිත සියලුම වන බිම්ද ඇතුළත්වන පර...

වහාම ක්‍රියාත්මකවන පරිදි සිම්බාබ්වේ කණ්ඩායමේ ICC සාමාජිකත්වය අත්හිටුවයි !
රන්ජන් පැමිණිලිකරු වී ඉරාජ් විත්තිකරු වෙයි.. ඉරාජ් අත්අඩංගුවට ?
ranjan ramanayake
විල්පත්තුවම වනජීවී කලාපයක් - ජනපතිගෙන් දැඩි තීරණයක්

විල්පත්තුව අභය භූමියට අයත් වන ප්‍රදේශය තවදුරටත් පුළුල් කරමින් දැනට වන ජීවි දෙපාර්තමේන්තුවට අයත් නොවන ඒ ආශ්‍රිත සියලුම වන බිම්ද ඇතුළත්වන පරිදි වන ජීවී කලාපයක් ප්‍රකාශයට පත්කර ගැසට් මගින් ප්‍රසිද්ධ කරන ලෙස ජනාධිපතිවරයා අදාළ අංශවලට අද (30) උපදෙස් ලබාදී තිබේ.

එමෙන්ම විල්පත්තුව ඇතුළු සියලු වනාන්තර නවීන තාක්ෂණය භාවිත කරමින් ගුවනේ සිට නිරන්තරයෙන්ම නිරීක්ෂණය කළ හැකි වැඩපිළිවෙළක් කඩිනමින් ක්‍රියාවට නැංවීමටද ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.

පරිසර අමාත්‍යාංශයට අයත් ආයතන ප්‍රධානීන් සමග අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති විශේෂ සාකච්ඡාවකදී ජනපති මෙම උපදෙස් ලබාදී තිබේ.

කුමන අයුරකින් හෝ සිදු කෙරෙන වනාන්තර හෙළි කිරීම්වලට අදාළව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන ලෙස මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශකර ඇත්තේ, වනාන්තර හෙළි කිරීම් සහ කැලෑ කැපීම්වලට එරෙහිව දැනට පවතින නීතිය තුළ ඇති දඩමුදල හා සිර දඬුවම පූර්ණ ලෙස ක්‍රියාත්මක කරන ලෙස තමා අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් සිදු කරන බවයි.

මන්නාරම සහ පුත්තලම දිස්ත්‍රික්ක තුළ සිදුවන බව පැවසෙන වන විනාශයන් පිළිබඳ ඇතැම් පාර්ශ්ව එල්ලකරන චෝදනා පරීක්ෂා කර වාර්තාවක් ලබාදීම සඳහා විශේෂ නිරීක්ෂණ කණ්ඩායමක් යොදවන ලෙසද සිරිසේන මහතා මෙහිදී බලධාරීන්ට උපදෙස් දී ඇත.

පරිසර අමාත්‍යාංශයේ, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, පරිසර සංවිධාන නියෝජිතයන් මෙන්ම ජනමාධ්‍යවේදීන්ද මෙම නිරීක්ෂණ කණ්ඩායමට ඇතුළත් විය යුතු බව ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

වන විනාශයන් සිදුකරනවා නම් ඊට එරෙහිව නීතිය උපරිම අන්දමින් ක්‍රියාත්මක කරන ලෙස මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන් මෛත්‍රීපාල සිරිසේන මහතා නැවත පදිංචි කිරීම් කටයුතු සඳහා අලුතෙන් ඉඩම් වෙන් කිරීමේදී වනාන්තර ප්‍රදේශවලින් දුරස් වූ ඉඩම් ඒ සඳහා යොදා ගැනීමටත්, එම ඉඩම් හඳුනාගැනීමට විශේෂ වැඩපිළිවෙළක් සකස් කරන ලෙසත් උපදෙස් දී ඇත.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: විල්පත්තුවම වනජීවී කලාපයක් - ජනපතිගෙන් දැඩි තීරණයක්
විල්පත්තුවම වනජීවී කලාපයක් - ජනපතිගෙන් දැඩි තීරණයක්
http://ift.tt/2ioEwho
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_640.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_640.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy