එක්සත් ජාතික පක්ෂ නගරාධිපති අපේක්ෂිකා රෝසි සේනානායක මහත්මියගේ ජන්ද පදනම ආකර්ශණය කරගැනීම සදහා රාජපක්ෂ පවුලේ සමීපතම හිතවතෙකු මෙන්ම දෙරණ හිම...
එක්සත් ජාතික පක්ෂ නගරාධිපති අපේක්ෂිකා රෝසි සේනානායක මහත්මියගේ ජන්ද පදනම ආකර්ශණය කරගැනීම සදහා රාජපක්ෂ පවුලේ සමීපතම හිතවතෙකු මෙන්ම දෙරණ හිමිකරු දිලිත් ජයවීරට අයත් "ට්‍රයිඇඩ්" ප්‍රචාරණ ආයතනයේ ප්‍රධානියෙකු වන මිලින්ද රාජපක්ෂව පොදුජන පෙරමුණේ ලයිස්තුගත අපේක්ෂකයෙකු ලෙස කොළඹ නගරසභා මැතිවරණයට ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.
තරුණ කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍යංශයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයාද වන ඔහු ගෝඨාභය රාජපක්ෂගේ "අපි වෙනුවෙන් අපි" ප්‍රචාරණ ව්‍යාපෘතියේ ප්‍රධාන සැලසුම්කරුවකු ද වේ.
රෝසි සේනානායක විසින් දිනාගෙන ඇති උගත් බුද්ධිමත් මධ්‍යමපාන්තික කොළඹ ජනතාවගේ ජන්ද ආකර්ශණය කර ගැනීමට රාජපක්ෂවරුන්ට වෙනත් විකල්පයක් නොමැති වීම නිසා ඔවුන් විසින් මිලින්ද මෙලෙස මැතිවරණයට ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.
(Info Sri Lanka දේශපාලන වාර්තාකරු)
COMMENTS