ශ්‍රීලන්කන් ගුවන් සේවයේ එක් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු හැර අනෙක් සියලුදෙනාම සිය ධුරවලින් ඉල්ලා අස්වීමට අදාල ලිපි විෂය භාර ඇමැති කබීර් හෂීම්...
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ එක් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු හැර අනෙක් සියලුදෙනාම සිය ධුරවලින් ඉල්ලා අස්වීමට අදාල ලිපි විෂය භාර ඇමැති කබීර් හෂීම් මහතා වෙත බාරදී ඇතැයි ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග වලින් වාර්තාවේ.
ඒ අනුව ශ්‍රීලන්කන් ගුවන් සේවය සම්බන්ධයෙන් රජය ඉදිරියේදී සිදුකිරීමට නියමිත ප්‍රතිසංස්කරණ කටයුතු වලට තමන් බාධාවක් ලෙස සලකනු ලබන්නේ නම්, තමන් ඉල්ලා අස්වීමට සුදානම් බවට එම ආයතනයේ සභාපති අජිත් ඩයස් සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් වන රඛිත ජයවර්ධන, චානක ද සිල්වා, ජෝසෆ් රාජන් බ්‍රිටෝ, නිරන්ජන් ද සිල්වා දෙවා ආදිත්‍ය, මහින්ද හාරදාස්, විධායක අධ්‍යක්ෂ සුනිල් පිරිස් යන මහත්වරුන් ලිඛිතව දැනුම් දී ඇත.
කෙසේවුවද අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු වන හරේන්ද්‍ර බාලපටබැඳි මහතා මෙතෙක් එවැනි ලිපියක් බාරදී නොමැත.
ශ්‍රීලන්කන් ගුවන් සේවය ප්‍රතිසංස්කරණය සඳහා අගමැතිවරයා විසින් අමාත්‍ය මණ්ඩල මට්ටමේ කමිටුවක් පත්කර ඇති අතරම, ඉහලම රාජ්‍ය නිලධාරීන් ගෙන් සමන්විත තවත් කමිටුවක් මේ සඳහා මේවනවිටත් ක්‍රියාත්මක වේ.
මේ අතර ශ්‍රී ලංකන් ගුවන් සමාගම මිලදී ගැනීමට ජපන් ගුවන් සේවය කැමැත්ත පළකර ඇතැයි වාර්තාවේ.
මේ සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ උපදේශකවරයෙකු පත්කර ඇති අතර, ඔහුගේ යෝජනා සහ අදහස් ලබන 20 වැනිදාට ප්‍රථම ඉදිරිපත් කරන ලෙස රජය දැනුම්දී තිබේ.
(SLM)
COMMENTS