දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'සනීපාරක්ෂක තුවා' සඳහා පනවා ඇති බදු ඉවත් කරන්න - අපේ ශ්‍රී ලංකා.
Homeගොසිප්

'සනීපාරක්ෂක තුවා' සඳහා පනවා ඇති බදු ඉවත් කරන්න - අපේ ශ්‍රී ලංකා.

PropellerAds

මෙරට 52%ක් පමණ වන කාන්තා ජනගහනය තම ජිවිත කාලයේ දී අනිවාර්යෙන් අත්විඳින ආර්ථවය සඳහා අත්‍යවශ්‍ය කාන්තා 'සනීපාරක්ෂක තුවා' (Sanitar...

අල්ලස් දූෂණ පනත පෞද්ගලික අංශයටත්
සම්බාහනය කරන මුවාවෙන් ස්විස් කතගේ රහස් තැන් අතපත ගෑ තරුණයා මාට්ටු
ගුවන් ඔත්තුවකින් රහසිගත ගංජා හේන් 158ක් එළියට



මෙරට 52%ක් පමණ වන කාන්තා ජනගහනය තම ජිවිත කාලයේ දී අනිවාර්යෙන් අත්විඳින ආර්ථවය සඳහා අත්‍යවශ්‍ය කාන්තා 'සනීපාරක්ෂක තුවා' (Sanitary Pads) සඳහා පනවා ඇති බදු ඉවත් කිරීම  පිළිබඳව රජයේ අවධානය යොමුකල යුතුව ඇති බව අපේ ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරයේ සභාපති විමුක්ති දුෂාන්ත පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ  ඊයේ (18) සමාජ සහ සාමයික කේන්ද්‍රයේ දී පැවති මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් අමතමිනි.                                                                                             
කාන්තා 'සනීපාරක්ෂක තුවා' (Sanitary Pads) සඳහා පනවා ඇති බදු ඉවත් කර ගැනිම පිළිබඳව රජයේ අවධානය යොමු කර ගැනිම සහ ලිංගික සෞඛ්‍ය සම්බන්ධයෙන් පවතින අර්බුධයන් පිළිබඳව අපේ ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරයේ සම්බන්ධීකරණයෙන් පැවති එම මාධ්‍ය හමුවට කාන්තා ක්‍රියාකාරීනී, පාඨශාලා ආචාරිනී ඩයනා හෙට්ටිආරච්චි, Sex Edu.lk සහ Sex Faculty ලිපි මාලාවේ සංස්කාරක රවිදු ප්‍රනාන්දු යන පිරිස ද මෙම අවස්ථාවට සහභාගී විය.

එහි දී අදහස් දැක්වු විමුක්ති දුෂාන්ත,

"මේ රටේ කාන්තාවන්ට 25% ක දේශපාලන සහභාගිත්වය තහවුරු කිරීම වගේ කාරණා ගැන තිබෙන උනන්දුව මේ වගේ සංවේදී ඒ වගේ ලෝකයේ බොහෝ රටවල අවධානය යොමු වුණ ප්‍රශ්නයක් ගැන අපේ රටේ මාධ්‍ය හෝ බලධාරීන් සංවේදී නොවීම ලැජ්ජාවට කාරණාවක් ලෙසයි මම දකින්නේ. 

මේ රටේ ජනගහනයෙන් බහුතරය කාන්තාවන්. එය ප්‍රතිෂතයක් විදිහට ගත්තොත් 52% ඉක්මවා ගිය ගණනක්. මේ පිරිස තම ජිවිත කාලයෙන් හරි අඩකටත් වැඩි කාලයක් මාසිකව මෙම සංසිද්ධියට මුහුණ දෙනවා. 
වැට්, සෙස් රේගු බදු විතරක් නෙමෙයි, ජාතිය ගොඩනැඟීමේ බද්දත් සනීපාරක්ෂක තුවා සහ ඒ ආශ්‍රිත නිෂ්පාදනයන්ට පැනවෙනවා. 

ඉන්දියාවේ මේ සම්බන්ධයෙන් තිබුණේ 12% ක බද්දක් පමණයි. ඒ බදු මුදලත් ඉවත් කරන්න ඉන්දියාව පසුගිය දා කටයුතු කරා. නමුත්, අපේ රටේ සනීපාරක්ෂක තුවා සඳහා පැනවෙන බද්ද 100% කටත් වැඩියි. 
ලෝකයේ  බොහෝ රටවල කාන්තාවන්ට, පාසල් දරුවන්ට නොමිලයේ සනීපාරක්ෂක තුවා ලබා දෙනවා. අපි ඉල්ලන්නේ නිකන් දෙන්න කියලා නෙමෙයි. මේ සඳහා බදු සහනයක් දෙන්න කියලා. මුදල් ඇමැතිවරයාගෙන් අපි මේ ඉල්ලිම කරන්නේ එතුමා නූතන වාදී දැක්මක් තියන මනුස්සයෙක් කියලා අපි විශ්වාස කරන නිසා.

එක්සත් ජාතීන්ගේ සහ වෙනත් වාර්තා අනුව සනීපාරක්ෂක තුවා භාවිතා කරන්නේ කාන්තවන්ගෙන් 30%කට පමණ ආසන්න ප්‍රමාණයක්. මේක මේ රටේ සෞඛ්‍යයට ලොකු ගැටළුවක්.

මම කියන්නේ නැහැ 70%කට ආසන්න ප්‍රමාණයක් සනීපාරක්ෂක තුවා භාවිතා නොකරන්නේ මිල අධික වීම නිසා පමණයි කියලා. එයට අපේ රටේ තියන විවිධ සමාජ පසුගාමිත්වයන් ද බලපානවා. නමුත් අපිට පුලුවන් මේ සම්බන්ධ කථිකාවතක් නිර්මාණය කරලා කාන්තාවන්ගේ  ‘පීරියඩ් පවර්ටි’ හෙවත් ‘ආර්තව දුගී බව’ මුලිනුපුටා දමන්න."

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29327,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'සනීපාරක්ෂක තුවා' සඳහා පනවා ඇති බදු ඉවත් කරන්න - අපේ ශ්‍රී ලංකා.
'සනීපාරක්ෂක තුවා' සඳහා පනවා ඇති බදු ඉවත් කරන්න - අපේ ශ්‍රී ලංකා.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEisumxjLLbvzWEPyeUZXJBjpHILvO1087axMmhS8ZgSWOldUtfcqxEBfPB-DyoMZEVZYx7Aohxi408SUP-OfN1Tw-mJTkwcmVXcv643VSBqeTAlOY2yqmXnzw3cx64A986RpCqOWRVoPmlH/s1600/41955011_1189151041222730_368267817562144768_n.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEisumxjLLbvzWEPyeUZXJBjpHILvO1087axMmhS8ZgSWOldUtfcqxEBfPB-DyoMZEVZYx7Aohxi408SUP-OfN1Tw-mJTkwcmVXcv643VSBqeTAlOY2yqmXnzw3cx64A986RpCqOWRVoPmlH/s72-c/41955011_1189151041222730_368267817562144768_n.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_664.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_664.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy