මධ්‍යසාර නිෂ්පාදනය සඳහා රජයේ නව ගැසට් පත්‍රයෙන් අර්ජුන් අලෝසියස් මහතාට වාසි සහගත බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්ද...
මධ්‍යසාර නිෂ්පාදනය සඳහා රජයේ නව ගැසට් පත්‍රයෙන් අර්ජුන් අලෝසියස් මහතාට වාසි සහගත බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
පාර්ලිමේන්තු සංකීර්ණයේ ඊයේ (29) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.
එහිදී බන්දුල ගුණවර්ධන මහතා මෙසේ අදහස් දැක්වීය.
“නොවැම්බර් මාසේ 9 වෙනි දින මධ්‍යසාර නිෂ්පාදනයට යොදා ගන්නා අමු ද්‍රව්‍ය වශයෙන් සහල්, තිරිඟු සහ පලතුරු ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශ කරලා තිබෙනවා. අලුතින් මෙම සහනය ලබා දෙන්න බලාපොරොත්තු වෙන්නේ මහ දවල් මහ බැංකුවේ මහ මුදල් මංකොල්ලයට සම්බන්ධිත ප්‍රධාන චුදිතයා වන අර්ජුන ඇලෝසියස් මහතා අධ්‍යක්ෂක ධූරය දරන ඩබ්ලිව්.එම්.මෙන්ඩිස් නැමැති සමාගමටත් මේ සහනය ව්‍යාප්ත කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා සහල්වලින් මධ්‍යසාර නිෂ්පාදනය සම්පුර්ණයෙන් තහනම් කරන්න. ඒ සඳහා රටේ ජනාධිපතිතුමාට විධායක බලය සහිතව මැදිහත් වන ලෙසත් ඉල්ලා සිටිනවා.”
COMMENTS