දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඇමැති රංගේ බණ්ඩාරට ASP තනතුර ලබා දීම ගැන දැඩි විරෝධයක්
Homeප්‍රවෘත්ති

ඇමැති රංගේ බණ්ඩාරට ASP තනතුර ලබා දීම ගැන දැඩි විරෝධයක්

PropellerAds

දේශපාලන පිළිගැනීමට ලක් වූ පොලිස් නිලධාරීන්ට සහන සලසා දීමට ගන්නා ලද අමාත්‍ය මණ්ඩල තීරණයකට අනුව දේශපාලන පලි ගැනීමට ලක් වූ පොලිස් නිලධාරීන් ව...

'සිංහල මිනිස්සු ජාතිවාදී නෑ' - අගමැති කියයි (VIDEO)
අලුත් පක්ෂයක් එපා - වාසුගෙන් ප්‍රකාශයක්
සරුංගල් නිසා අධිවේගී මග අවධානම්
ඇමැති රංගේ බණ්ඩාරට ASP තනතුර ලබා දීම ගැන දැඩි විරෝධයක්

දේශපාලන පිළිගැනීමට ලක් වූ පොලිස් නිලධාරීන්ට සහන සලසා දීමට ගන්නා ලද අමාත්‍ය මණ්ඩල තීරණයකට අනුව දේශපාලන පලි ගැනීමට ලක් වූ පොලිස් නිලධාරීන් විශාල පිරිසක් සිටිය දී වත්මන් රජයේ අමාත්‍යවරයෙකු වූ පාලිත රංගේ බණ්ඩාර මහතාට පමණක් උසස් වීම් ලබා දීමට පොලිස් කොමිසම අනුගමනය කළ ක්‍රියාමාර්ගයට දැඩි විරෝධය පළ කරන බව දේශපාලන පලි ගැනීමට ලක් වූ පොලිස් නිලධාරීහු ප්‍රකාශ කරති.

රංගේ බණ්ඩාර මහතා ජාතික පොලිස් කොමිසමේ නිර්දේශය මත සහකාර පොලිස් අධිකාරී තනතුරට උසස් කිරීමට නියමිත ය. මෙම සිදු වීමෙන් පෙනී යන්නේ ස්වාධීනව කටයුතු කළ යුතු පොලිස් කොමිසම පක්ෂග්‍රාහී ව කටයුතු කරන්නක් බවට ප්‍රසිද්ධියේ මුළු රට හමුවේ ම පෙන්වා දී ඇති බවට එම නිළධාරීහු චෝදනා කරති.

අදාළ අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව සහන සලසා දිය යුතු බවට නිර්දේශ වූ දේශපාලන පිළිගැනීමට ලක් වූ පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 129කි. මෙම පිරිසට නියෝජ්‍ය පොලිස්පතිවරු, ජේෂ්ඨ පොලිස් අධිකාරිවරු, සහකාර පොලිස් අධිකාරිවරු, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු, පොලිස් පරීක්ෂකවරු,  උපපොලිස් පරීක්ෂකවරු සහ සැරයන්වරු අයත්ය.

මේ වන විටද මෙම පිරිසෙන් 30දෙනෙකු පමණ නියමිත උසස්වීම් නොලැබ විශ්‍රාම ගොස් සිටින අතර තවත් පිරිසක් සේවයෙන් අතහැර ගොස් සහ ජිවිතක්ෂයට පත්ව සිටිති.

මීට පෙර පැවති රජයන් සමයේදී විවිධ හේතූන් මත දේශපාලන පළිගැනීම්වලට ලක්ව සේවය අහිමි කිරීමෙන්, උසස්වීම් ප්‍රමාද කිරීමෙන් තම අයිතිවාසිකම් අහිමි වී ඇති බවට මෙම පොලිස් නිලධාරීන් අධිකරණය හමුවේ නඩු ද පවා ගොනු කර තිබිණි.

එසේ තිබියදී වත්මන් රජය බලයට පත් වීමෙන් පසුව අසාධාරණයට ලක් වූ තමන්ට සාධාරණයක් ඉටු කර දීමට අමාත්‍ය මණ්ඩලය නිර්දේශ කර තිබියදී දේශපාලඥයෙකු වන රංගේ බණ්ඩාර මහතාට පමණක් උසස්වීමක් සහ විශ්‍රාම යාමට සැලැස්වීම තමන්ට කරන ලද බරපතල අසාධාරණයක් බව එම නිලධාරීහු පෙන්වා දෙති.

අසාධාරණයට ලක්ව සිටින ඕනෑම නිලධාරියෙකුට එම වරප්‍රසාදය ලබා දුන්නා නම් එය ඉතාම සාධාරණ බවද එසේ නොකොට දේශපාලඥයෙකු ලෙස සියලු වරප්‍රසාද විඳිමින් සිටින රංගේ බණ්ඩාර මහතා වැනි අයකුට එම වරප්‍රසාදය ලබා දීම සදාචාර සම්පන්න නොවන බවටද ඔවුහු චෝදනා කරති.

පසුගිය රජය සමයේදී පළිගැනීම්වලට ලක් වූ උසස් පොලිස් නිලධාරීන් පස් දෙනෙකුට පමණ රජයේ විවිධ දේශපාලන හිතවත්කම් මත උසස්වීම් ලබාදී ඇති බවද නිලධාරීහු පෙන්වා දෙති.

පොලිස් කොමිසමේ දෙබිඩි පිළිවෙත හෙලා දකින බව ද ස්වාධීන ආයතනයක් ලෙස කටයුතු කරමින් අසාධාරණයට තමන්ට නිර්දේශ වී ඇති උසස්වීම් ලබා දීමට කටයුතු කරන ලෙසටඩ් එම පොලිස් නිලධාරීහු අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යශයේ ලේකම්වරයා වෙත යොමු කර ඇති එම නිර්දේශයේ දැක්වෙන්නේ 2000 වසරේ අගෝස්තු මස 24 දා සිටි නැවත සේවයේ පිහිටුවා 200 වසරේ අගෝස්තු මස 27 දා සිට බලපැවැත්වෙන පරිදි ඔහු සහකාර පොලිස් අධිකාරී ධූරයට උසස් කිරීමට පියවර ගන්නා ලෙසයි.

අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ ප‍්‍රතිපත්තීමය තීරණයකට අදාලව මෙම නිර්දේශය ලබා දෙන බවත් ජාතික පොලිස් කොමිෂමේ ලේකම්වරයා මෙම නියෝගය ලිඛිතව අමාත්‍යංශ ලේකම්වරයා වෙත යොමු කර තිබේ. එමෙන්ම හිග වැටුප් ගෙවීමකින් තොරව ඔහු විශ‍්‍රාම ගැන්වීමට පියවර ගන්නා ලෙසද එම නිර්දේශයේ සඳහන් වෙයි.

එම නිර්දේශයට අදාළ ලිපිය පහතින්.

 

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29315,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඇමැති රංගේ බණ්ඩාරට ASP තනතුර ලබා දීම ගැන දැඩි විරෝධයක්
ඇමැති රංගේ බණ්ඩාරට ASP තනතුර ලබා දීම ගැන දැඩි විරෝධයක්
http://ift.tt/2C7kjo0
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/asp_26.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/asp_26.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy