(UPDATE) ලක්ෂ්මන් කිරිඇල්ල මහතා - "එක්සත් ජනතා නිදහස් සන්ධානය පාර්ලිමේන්තුවට සහභාගී නොවන බවත්, ඊට හේතුව මෙය නිල පාර්ලිමේන්තුවක් නොවී...
- (UPDATE) ලක්ෂ්මන් කිරිඇල්ල මහතා - "එක්සත් ජනතා නිදහස් සන්ධානය පාර්ලිමේන්තුවට සහභාගී නොවන බවත්, ඊට හේතුව මෙය නිල පාර්ලිමේන්තුවක් නොවීම බවත් බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරලා තියෙනවා. (පුවත්පත් ප්‍රවෘත්තිය කියයි) ඔබතුමාට විරුද්ධව අධිකරණයේ නඩුවක් දාලා තිබෙන බවත් තිබෙනවා. ඔබතුමාගේ ක්‍රියාමාර්ග අධිකරණය පිළිඅරගෙන තිබෙනවා. ගරු අනුර බණ්ඩාරනායක මැතිතුමා දුන්නු තීන්දු අනුව පාර්ලිමේන්තුවේ කටයුතු කිසිදු තැනක අභියෝග කරන්න බෑ. පුවත්පත්වල අයටත් කියනවා පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳ දැනගෙන ඉන්න ඕනා. කතානායකගේ තීරණය කිසිම තැනක අභියෝගයට ලක් කරන්න බෑ. බන්දුල ගුණවර්ධන මහතා කියා තිබෙනවා පාර්ලිමේන්තු එන්නේ නෑ කියලා. ඔවුන් එන්නේ නැත්තේ ඔවුන්ට සිටින පිරිස කීයද කියලා හෙළිවෙන නිසයි."
- සෙංකෝලය තැම්පත් කර කතානායකවරයා මූලාසනාරූඪ වීමෙන් පසු පාර්ලිමේන්තුවේ කටයුතු ඇරැඹිණි.
- සුජිත් හේවාජුලිගේ මහතා
- හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසය පළ කිරිමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට අද (12) පස්වරු 1.30 ට ඉදිරිපත් කිරිමට නියමිතය.
- යෝජනාව ඉදිරිපත් කරනු ලබන්නේ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍යය නායක සජිත් ප්‍රේමදාස මහතා විසිනි.
- විවාදයකින් තොරව යෝජනාව සම්මත කර ගැනීමට නියමිතව ඇතැයි එක්සත් ජාතික පෙරමුණු ප්‍රකාශකයෙක් පැවසීය.
COMMENTS