යාපනය සිට නුවර බලා ධාවනය වු ශ‍්‍රි ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථයකට පසුගියදා ගල් ගසා අලාභ හානි සිදුකළ පුද්ගලයින් 05 දෙනෙකු ඊයේ (03) අත්අඩ...
යාපනය සිට නුවර බලා ධාවනය වු ශ‍්‍රි ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථයකට පසුගියදා ගල් ගසා අලාභ හානි සිදුකළ පුද්ගලයින් 05 දෙනෙකු ඊයේ (03) අත්අඩංගුවට ගත් බව කනගරායන්කුලම පොලීසිය පවසයි.
බස් රථයක් කනගරායන්කුලම ප‍්‍රදේශය හරහා ගමන් කරන අවස්ථාවේ දී අදාළ පහරදීම සිදුකොට ඇති බවත් ගල් ප‍්‍රහාර වැදීමෙන් බස් රථයේ වීදුරු කිහිපයක් කැඞී ගොස් ඇති බවද පොලිසිය සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් බස් රථ රියදුරු පොලීසිය වෙත පැමිණිලි කිරීමෙන් අනතුරුව බස් රථයට ගල් ගැසු අවුරුදු 25 ක් පමණ වයසේ තරුණයින් පස් දෙනෙකු මෙලෙස පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වවුනියාව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් සිද්ධිය සම්බන්ධයෙන් කනගරායන්කුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවන බවත් වැඩිදුරටත් සඳහන් වේ.
COMMENTS