පළාත් පාලන මැතිවරණ ප‍්‍රකාශයට පත් කළ පසුගිය 9 වැනිදා සිට අද (28) පෙරවරු 6 දක්වා මැතිවරණයට අදාල පැමිණිලි 42 ක් ලැබී ඇති බව පොලිස් මුලස්ථා...
පළාත් පාලන මැතිවරණ ප‍්‍රකාශයට පත් කළ පසුගිය 9 වැනිදා සිට අද (28) පෙරවරු 6 දක්වා මැතිවරණයට අදාල පැමිණිලි 42 ක් ලැබී ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.
මෙම පැමිණිලි අතරින් මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ පැමිණිලි 13 ක් ද සෙසු පැමිණිලි 29 ඡන්ද පෝස්ටර් සන්තකයේ තබා ගැනීම, නීති විරෝධී ලෙස පෝස්ටර් ඇලවීම, නිවෙස්වලට ගල් ප‍්‍රහාර එල්ල කර අලාභ හානි සිදුකිරීම, පහර දී තුවාල සිදුකිරීම, බැන තර්ජනය කිරීම, පෝස්ටර් කටවුට් වලට හානි කිරීම, ද්‍රව්‍යමය ආධාර හා උපරණ බෙදා දීම ආදී සිද්ධීන් වලට අදාල පැමිණිලි බවද පොලිස් මුලස්ථානය සඳහන් කරයි.
මෙම පැමිණිලිවලට අදාලව සැකකරුවන් 34 දෙනකු අත්අඩංගුවට ගෙන ඔවුන් අදාල ප‍්‍රදේශවල අධිකරණ වෙත ඉදිරිපත් කර නීතිමය ක්‍රියා මාර්ග ගෙන ඇති බවද පොලිස් මුලස්ථානය වැඩිදුරටත් පවසයි.
මාතලේ දිස්ත්‍රික්කය තුළ නාම යෝජනා භාර දීමෙන් අනතුරුව අද දිනය වන විට මැතිවරණ නීති උල්ලංඝන කිරීම් පිළිබඳ පැමිණිලි 28ක් වාර්තා වී ඇතැයි මාතලේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය පවසයි.
ඒ අතර පොත්පත්, පොල් පැළ, කුකුළු පැටව්, ගෑස් සිලින්ඩර්, නිවාස ආධාර ආදිය ප්‍රදානය කිරීම් පිළිබඳ හා පෝස්ටර් ඇලවීම පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා, රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රංජිත් අලුවිහාරේ හා රෝහිණි කවිරත්න, පළාත් සභා මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් යන මහත්ම මහත්මීන් මැතිවරණ කාර්යාලය වෙත පැමිණිලි කර ඇතැයි වාර්තා වේ.
එම සිද්ධි පිළිබඳ අදාළ පොලිස් ස්ථාන දැනුවත් කර මැතිවරණ නීති උල්ලංඝනය කරමින් සිදු කිරීමට ගිය භාණ්ඩ බෙදා දීම වැලක්වීමට අවශ්‍ය පියවර ගත් බව මාතලේ සහකාර මැතිවරණ කොමසාරිස් ශානිකා රූපසිංහ මහතා සඳහන් කළේය.
COMMENTS