දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අපේ සමහරුන්ට ඇමෙරිකානු පුරවැසියන් මහා දේශෙප්‍ර්මීන් වෙලා
Homeගොසිප්

අපේ සමහරුන්ට ඇමෙරිකානු පුරවැසියන් මහා දේශෙප්‍ර්මීන් වෙලා

PropellerAds

දේශෙප්‍ර්මීන් බව ප්‍රකාශ කරන ඇමෙරිකානු පුරවැසියන්, රටේ ජනාධිපතිවරු ලෙස පත්කිරීමට උත්සාහ කරන රටක වර්තමානයේ අප ජීවත්වන බව ඇමති රාජිත සේනාරත්න...

ගෑස් 245කින් ගණන් උස්සයි.
ක්‍රිකට් නිලවරණය කල් යයි : පාලනයට අතුරු කමිටුවක්?
එජාපයට උප සභාපතිවරු 4ක් - 3ක් ම රෝයල්.
දේශෙප්‍ර්මීන් බව ප්‍රකාශ කරන ඇමෙරිකානු පුරවැසියන්, රටේ ජනාධිපතිවරු ලෙස පත්කිරීමට උත්සාහ කරන රටක වර්තමානයේ අප ජීවත්වන බව ඇමති රාජිත සේනාරත්න පවසයි.


හෙද හෙදියන් 1608 දෙනකු වෙත ඩිප්ලෝමා සහ පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය අරලියගහ මන්දිරයේ පැවති අවස්ථාවේ එම අවස්ථාවට සහභාගි වූ ඇමැති රාජිත සේනාරත්න වැඩිදුරටත් මෙසේද පැවැසීය.


විදේශීය රටවල උපාධියක් ලබාගැනීමට තරගයක් නැහැ. විදේශ රටවල වෛද්‍ය විද්‍යාල, විශ්වවිද්‍යාල අවශ්‍ය තරම් තිබෙනවා. නමුත් ශ්‍රී ලංකාවේ ඊට වැට බැදලා තිබෙනවා. උසස් අධ්‍යාපනයට සීමා පැනවීමේ සටන්පාඨ ඉදිරිපත් කරනවා. පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය එපා කියලා කෑගහනවා.

සියල්ලම පෞද්ගලීකරණය කරනවා කියලා කෑගහනවා. ඒවා බොරු සටන්පාඨ විතරයි. වර්තමානයේ සෞඛ්‍ය සේවාවට වෛද්‍යවරුන් මදි. නමුත් වෛද්‍ය විද්‍යාල හදන්නත් ඉඩ දෙන්නේ නැහැ. මෙම නිසා තරුණ තරුණියන් පීඩාවට පත් වෙනවා. ඔවුන් බංග්ලාදේශය, නේපාලය වැනි රටවලට ගොස් වෛද්‍ය උපාධිය හදාරනවා. මෙවැනි විකෘති දේශපාලන මතිමතාන්තර තිබෙන රටක් තමයි සංවර්ධනය කිරීමට සිදුව තිබෙන්නේ.

හෙද හෙදියන් සඳහා උපාධිය පිරිනැමීමට යෝජනා වූ විට වෛද්‍ය සංගමය විරෝධය පළ කළා. නමුත් හෙද උපාධිය ලබාදීමට
අපි තීරණය කරලා වැඩ කටයුතු ආරම්භ කළා. ඊටත් විරෝධය පළ කරනවා. ශ්‍රී ලංකාවේ හොඳ සංවර්ධන ව්‍යාපෘතිවලට විරෝධය පළකරනවා. ඔවුන් ඉපදිලා මැරෙනකම් විරෝධය පළ කරලා අවසන් ගමනේදීත් විරෝධය දක්වනවා. එහෙම කෑගහන්නේ සියයට 10යි. ඒ කෑගහන අය නිසා රජයන් ප්‍රතිපත්ති වෙනස් කරනවා. ළිං මැඩි න්‍යායෙන් තමයි වෛද්‍ය සංගම් කටයුතු කරන්නේ. තමන්ට වාසි වෙන ඒවා බ්‍රිතාන්‍යයෙන් ලබාගන්නවා. ලෝකය සමඟ ගමන් කළ යුතුයි. බොහෝ අංශ ලෝකය සමඟ ගමන් නොකිරීම නිසා තනිවී සිටිනවා.

වත්මන් හෙද පීඨය ඉදිකිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. ඒ සඳහා වැය කරන මුදල රුපියල් මිලියන 18,500ක්. හෙද පීඨයේ අධ්‍යාපනය ලබන හෙද සිසුන් සඳහා ඉංග්‍රීසි භාෂාව ද විධිමත්ව උගන්වනවා. බි්‍රතාන්‍යයේ සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ සෞඛ්‍ය අමාත්‍යවරුන් මට පොරොන්දු වෙලා තිබෙනවා එම උපාධිධාරීන්ට රැකියා ලබාදීමට. ඔෟෂධවේදී, සම සෞඛ්‍ය, වෛද්‍ය සිසුන් සඳහා උපාධි ලබාදීමට පීඨ ස්ථාපිත කර තිබෙනවා. එවිට තවත් වසර 04ක් යනවිට සෞඛ්‍ය වෘත්තිකයන් උපාධිධාරීන් බවට පත් වෙනවා. සෞඛ්‍ය සේවය ඉහළ තලයට යොමු කරනවා.

හෙද හෙදියන් 7000ක හිඟයක් පවතිනවා. එම හිඟය අවසන් කිරීම සඳහා හෙද පාසල් 05ක් සංවර්ධනය කරනවා. හෙද ඩිප්ලෝමාධාරීන් බිහි කරමින් ඉහළ සහ දියුණු හෙද සේවාවක් බිහි කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ හෙද සේවාව ජාත්‍යන්තර පිළිගන්නා තත්ත්වයට පත් කරනවා.

අතීතයේ වෛද්‍යවරුන්ටත් වඩා
හෙද හෙදියන්ට විදේශීය රටවල රැකියා තිබුණා. නමුත් වර්තමානයේ උපාධිය අවශ්‍යයි. ලෝකය දිහා බලන්න. වසා ඇති කඩතුරාවෙන් මිදෙන්න. ලෝකය ගෝලීයකරණය වී විශ්ව ගම්මානයක් බවට පත්වී තිබෙනවා. ඇතැම් අය ජාතිය, ආගම, කුලය වෙනුවෙන් කෑ ගහනවා. ඔවුන් දේශප්‍රේමීන්, දේශප්‍රේමීන්ගේ පවුල්වල අය ඉන්නේ විදේශීය රටවල. එවැනි පුද්ගලයන් තමයි ජනාධිපතිවරුන් බවට පත් කරන්න ලංකාව උත්සාහ කරන්නේ. ඔවුන්ගේ පුරවැසිභාවය තිබෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ. දේශප්‍රේමීන්ගේ හැටි එහෙමයි.

අපි රට වෙනුවෙන් වැඩ කරන්න ලංකාවේම ජීවත් වුණා. වෛද්‍ය වෘත්තියේ නිරත වුණා. ශ්‍රී ලංකාව ගොඩනැංවීම අපගේ අරමුණයි. හෙද සේවාව ඉතාම වැදගත්. ඉන් ලැබෙන රස්සාවක්. රෝගීන්ට බැනලා පව් පුරවා ගන්න එපා. රෝගීන්ට හොඳින් කතා කරන්න. දුප්පත් ජනතාවට හොඳ සෞඛ්‍ය සේවාවක් ගොඩනැංවීම යහපාලනයේ අරමුණයි.

නිදහස් සෞඛ්‍ය සේවාව අකුරටම ක්‍රියාත්මක කිරීමට මම පියවර ගෙන තිබෙනවා. එම නිසා තමයි නොමිලේ සෞඛ්‍ය සේවා රැසක් ජනතාවට ලබාදෙන්නේ. විශ්වීය සෞඛ්‍ය රැකවරණය යටතේ හොඳම සෞඛ්‍ය සේවාව කියුබාවේ සහ ශ්‍රී ලංකාවේ තිබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිගෙන තිබෙනවා. එය අපට ගෞරවයක්.

ජේ.ටී. ද සිල්වා
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අපේ සමහරුන්ට ඇමෙරිකානු පුරවැසියන් මහා දේශෙප්‍ර්මීන් වෙලා
අපේ සමහරුන්ට ඇමෙරිකානු පුරවැසියන් මහා දේශෙප්‍ර්මීන් වෙලා
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEimVFu6eHsU6_vhxPx00W8xjMMfUTRhSZoLTEdKC9aYdPW23QFou2aXjNcfMlofMQ9df_8KYEWx_qIPPYmVdZRwEYq2IDfgbY36-kZtIGMYKM2yAxezRAjr1karnJNa8wWKvAo-I0fkmNk/s1600/36927026772_b8592bb6bc_b.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEimVFu6eHsU6_vhxPx00W8xjMMfUTRhSZoLTEdKC9aYdPW23QFou2aXjNcfMlofMQ9df_8KYEWx_qIPPYmVdZRwEYq2IDfgbY36-kZtIGMYKM2yAxezRAjr1karnJNa8wWKvAo-I0fkmNk/s72-c/36927026772_b8592bb6bc_b.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_96.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_96.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy