ලබන 31 වනදා ඉදිරිපත් කිරීමට නියමිත බැඳුම්කර කොමිසමේ වාර්තාව යම් හෙයකින් ඉදිරිපත් නොවුණහොත් ඊට දේශපාලන අතගැසීමක් පවතින බව දූෂණ විරෝධී හඬ කැ...
ලබන 31 වනදා ඉදිරිපත් කිරීමට නියමිත බැඳුම්කර කොමිසමේ වාර්තාව යම් හෙයකින් ඉදිරිපත් නොවුණහොත් ඊට දේශපාලන අතගැසීමක් පවතින බව දූෂණ විරෝධී හඬ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා පවසයි.
අදාළ වාර්තාවට කිසිදු දේශපාලන අතගැසීමක් සිදු නොවුණහොත් එකී වංචාව සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් හා පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන් ඇලෝසියස් සහ මන්ත්‍රි රවි කරුණානායක මහතා ඇතුළු එජාපයේ විශාල ගණනකට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව සමරසිංහ මහතා පෙන්වා දෙයි.
මෙම වාර්තාව පදනම්ව නෛතික ක්‍රියාමාර්ග අතපසු කරන්නේ නම් ඊට එරෙහිව අධිකරණයට යෑමට තම සංගමය කටයුතු කරන බවත් පළාත් පාලන මැතිවරණය අබිමුව තබාගෙන විවිධ කොමිසම් පත් කර බැඳුම්කර වාර්තාව යටපත් කිරීමට ඉඩ නොදිය යුතු බවත් හෙතෙම අවධාරණය කළේය.
ලබන 31 වැනිදා මෙම වාර්තාව ජනපතිවරයා විසින් රටට හෙළිදරව් කිරීමත්, ඊට අදාළ වූවන් සහ වංචාවේ ස්වභාවයද ජනතාවට පෙන්වා දීම අනිවාර්යයෙන් කළ යුතු බවද සමරසිංහ මහතා වැඩිදුරටත් පැවසී ය.
COMMENTS