ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිව් දෙනෙකු සහ පළාත් සභා මන්ත්‍රීවරුන් 07 දෙනෙකු ඇතුළු සාමාජිකයින් 31 දෙනෙකු ජනාධිප...
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිව් දෙනෙකු සහ පළාත් සභා මන්ත්‍රීවරුන් 07 දෙනෙකු ඇතුළු සාමාජිකයින් 31 දෙනෙකු ජනාධිපතිවරයාට සහය පල කිරිම සදහා එක්ව තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිමුතු අබේකෝන්, ආර්.පී.ඒ රණවීර, එස්.කේ සුභසිංහ සහ අන්ජාන් උම්මා යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පල කිරිමට එක්ව ඇති බවයි.
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රීරුන් වන එරාජ් ක්‍රිෂාන්ත ද අල්විස්, සමන් පුෂ්පකුමාර, අනුර දිසානායක, එච්.එම්.කේ හේරත්, එම්. ජයරත්න, අරුණ දිසානායක සහ පී. භූමිනාදන් යන මහත්වරුන් ද ජනාධිපතිවරයාට සහය පළ කර තිබේ.
මීට අමතරව එම පක්ෂයේ හිටපු ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරුන්, සංවිධායකවරුන් සහ සාමාජිකයින් ජනාධිපතිවරයා වෙතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය ලබාගත් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ හිටපු පළාත් සභා මන්ත්‍රී පාලිත ලිහිණිය කුමාර මහතා සහ තවත් සාමාජිකයින් දෙදෙනෙකු ජනාධිපතිවරයා වෙත සහය පල කර තිබේ.
COMMENTS