ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබල චරිත දෙකක් ඇතුළුව මන්ත්‍රීවරු 10 දෙනෙකු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වීට නියමිත බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ගවලින...
ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබල චරිත දෙකක් ඇතුළුව මන්ත්‍රීවරු 10 දෙනෙකු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වීට නියමිත බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රබලයකු එසේ 14 වැනිදා ද අනෙක් ප්‍රබලයා 21 වැනිදා ද මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ එක්ව ශ්‍රීලනිපයට එක්වීමට නියමිත බව පැවසේ.
කෙසේවුවද, ඉදිරියේදී ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරනු ලබන දිස්ත්‍රික් 10ක මන්ත්‍රීවරු දස දෙනෙකු එක්වීමට නියමිත බවද වාර්තා වේ.
කොළඹ, රත්නපුර, නුවර, කුරුණෑගල, මොණරාගල, බදුල්ල, කෑගල්ල, මාතර, අම්පාර හා අනුරාධපුරය එසේ එක්වීමට නියමිත ඒකාබද්ධයේ මන්ත්‍රීවරු නියෝජනය කරනු ලබන ආසන බවද පැවසේ.
ශ්‍රියානි ගියා නෙවෙයි යැව්වා
ඒකාබද්ධ විපක්ෂයේ මේ නායයෑමට හේතුවන හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා බවට ද චෝදනා එල්ලව තිබේ.
මේ අතර, ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය සිරිසේන මහතා සමඟ එක්වීමට නොගිය බවත්, ඒකාබද්ධයේ පිරිසක් ඇය එහි යැවූ බවත් පවසා ඇත.
COMMENTS