පළාත් පාලන මැතිවරණය පෙබරවාරි මස 17 වන දින හෝ ඊට පෙර පැවැත්විය හැකි බව මැතිවරණ කොමසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. ඒ මහතා අද (04) ...
පළාත් පාලන මැතිවරණය පෙබරවාරි මස 17 වන දින හෝ ඊට පෙර පැවැත්විය හැකි බව මැතිවරණ කොමසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
ඒ මහතා අද (04) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියා සිටියේය.
ඡන්ද විමසීමේ දිනය ඉරිදා දිනයක් නොවන රජයේ නිවාඩු දිනයක් ද නොවන දිනයක පැවත්වීමට කටයුතු යොදන බව ද මහින්ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් පැවසීය.
සභා 97 පැවති මුද්‍රණ දෝශ හේතුවෙන් නැවත වතාවත් එම සභා ගැසට් කිරීමට සිදු වු අතර එය පසුගිය දෙසැම්බර් 2 වන දින ජනාධිපතිවරයාගේ අත්සනින් යුතුව නැවත ගැසට් කළ බවත් ඒ අනුව අද වන විට පළාත් සභා 248 ම නාමයෝජනා නිකුත් කිරීමට කිසිදු බාධාවක් නොමැති බවද ඒ මහතා සඳහන් කළේය.
නාමයෝජනා බාර දුන් පසු මැතිවරණයට දින 75ක කාලයක් පවතින අතර එම කාලයේ දී විභාග අපේක්ෂකයින්ට කිසිදු හානියක් නොවන ලෙස කටයුතු සිදුවිය යුතු අතර රථ හා මහජන පෙළපාලි හා මහජන රැළි සඳහා කිසිදු අනුමැතියක් නොමැති බවත්, එම නීති උල්ලංඝණය කරන පුද්ගලයින්ට දැඩි නීති ක්‍රියාත්මක කරන අතර උපරිම පොලිස් බලතළ ක්‍රියාකර වන ලෙස ද උපදෙස් ලබා දී ඇති බව ද දේශප්‍රිය මහතා කියා සිටියේය.
ලංකා ඉතිහාසයේ පළමු වරට දිවයින පුරා එකවර නාමයෝජනා බාර ගත් පළමු ඡන්ද විමසීම මෙය වන බවත් එය ඉතා අසීරු කාර්යක් වන නමුත් පළමු වතාවට සවස 4ට ඡන්ද විමසීම් අවසන් වු වහාම සවස 5 වන විට ඡන්දය ගණන් කිරීමට ද මෙවර වැඩපිළිවෙලක් යොදා ඇති බවද දේශප්‍රිය මහතා පැවසීය.
ඡන්දයක් පැවැත්වීමට කෝටි 300ක පමණ මුදලක් සාමාන්‍යයෙන් වැය වන නමුත් මෙවර එම මුදල ඉහළ යා හැකි බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS