පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුන් 15 දෙනකුගේ පංති වසර තුනක කාලයක් සඳහා තහනම් කිරීමට විශ්ව විද්‍යාල පරිපාලනය තීරණය කර තිබේ. විශ්ව විද්‍ය...
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුන් 15 දෙනකුගේ පංති වසර තුනක කාලයක් සඳහා තහනම් කිරීමට විශ්ව විද්‍යාල පරිපාලනය තීරණය කර තිබේ.
විශ්ව විද්‍යාලයේ විනය මණ්ඩලය මගින් සිදුකළ පරීක්ෂණයකින් පසු ලබා දුන් නිර්දේශ මත උපකුලපති මහචාර්ය උපුල් දිසානායක මහතාගේ අත්සනින් යුතුව අදාළ සිසුන්ට වසර තුනක කාලයක් සඳහා පංති තහනම් කෙරෙන ලිපිය නිකුත් කර ඇත.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂි පීඨයේ නවක සිසුන් අට දෙනකු විශ්ව විද්‍යාලයෙන් පිටත ස්ථානයකට රැගෙන ගොස් ඔවුන් නිරුවත් කර අමානුෂික ලෙස නවක වදය ලබාදුන් බව කියන සිද්ධිය සම්බන්ධව විශ්ව විද්‍යාල පාලන අධිකාරිය මෙම තීරණය ගෙන ඇත.
COMMENTS