ශ‍්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක විශාල වශයෙන් ජීවිත හා දේපළ හානි සිදු වු සුනාමි ව්‍යසනයට අදට වසර 13ක් ගත වී තිබේ. 2004 වසරේ දෙසැම්බර් 26 ...
ශ‍්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක විශාල වශයෙන් ජීවිත හා දේපළ හානි සිදු වු සුනාමි ව්‍යසනයට අදට වසර 13ක් ගත වී තිබේ.
2004 වසරේ දෙසැම්බර් 26 වැනිදා පෙරවරුවේ මෙරට මුහුදුබඩ ප‍්‍රදේශවලට බලපෑ සුනාමි ව්‍යසනය හේතුවෙන් පුද්ගලයින් 35,000ක් පමණ මියගොස් තවත් 5000ක් පමණ අතුරුදන් විය.
එම ව්‍යසනයෙන් මියගිය පුද්ගලයින් සිහි කරමින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මෙහෙයවීමෙන් අද දිස්ත්‍රික්ක මට්ටමින් සැමරුම් උත්සව පැවැත්වෙන අතර පැරෑලිය සුනාමි ස්මාරකය අසල දී ප්‍රධාන ආගමික වැඩසටහන සංවිධානය කර තිබේ.
පිරිත් දේශනා කරන සංඝරත්නය සහිත විශේෂ දුම්රියක් අද පෙරවරු 6.30ට මරදාන දුම්රිය පලෙන් පිටත් වීමට නියමිත අතර පෙරවරු 9.00ට පමණ එම දුම්රිය පැරෑලියට ළඟා වීමට නියමිතයි.
සුනාමි ව්‍යසනය සිදු වූ දිනයේ දී පැරෑලිය ප්‍රදේශයෙන් ධාවනය වෙමින් තිබූ මගීන් 1500 දෙනෙකු පමණ රැගත් දුම්රිය අනතුරට ලක් විය. එය ලොව බිහිසුණුම දුම්රිය අනතුර ලෙස සැලකෙයි.
සුනාමි සැමරුම සදහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ අදහස් දක්වමින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා කියා සිටියේ, මේ වන විට ආපදා කළමනාකරණය සම්බන්ධයෙන් කඩිනම් යාන්ත‍්‍රණයක් සුනාමි තත්ත්වයක් සදහා සකස් කර ඇති බවයි.
මේ අතර සුනාමි ඛේදවාචකයෙන් මිය ගිය සහෝදර ජනතාව සිහි කරමින් අද පෙරවරු 9.25 සිට 9.27 දක්වා විනාඩි 2ක නිහඬතාවක් පවත්වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලා සිටියි.
COMMENTS