දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඇමති මැදිහත්වී බෝම්බ හදන්න රාජ්‍ය අනුග්‍රහය දීලා !
Homeප්‍රවෘත්ති

ඇමති මැදිහත්වී බෝම්බ හදන්න රාජ්‍ය අනුග්‍රහය දීලා !

PropellerAds

කො ළඹ ෂැංග්‍රිිලා හෝටලයේදී මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළ ඉන්සාෆ් අහමඩ් නමැති බෝම්බකරු යුද හමුදාවෙන් ඉවතලන හිස් පතුරම් කොපු කාර්මික සංවර්ධ...

බන්ධනාගාර ලොක්කන්ට මුදල් ගෙවා ශීතකරණ, සැප ඇඳන් ! කාන්තාවන් සියල්ල ලබා ගත හැකි මීගමුව බන්ධනාගාරය - (photos)
උස්සා විසිකිරීම හරිද? ජාලියගෙන් උපුල් අසයි !
ඊයේ හදුනාගත් මුළු COVID 19 ආසාදිතයින් ගණන 3ක් !
කොළඹ ෂැංග්‍රිිලා හෝටලයේදී මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළ ඉන්සාෆ් අහමඩ් නමැති බෝම්බකරු යුද හමුදාවෙන් ඉවතලන හිස් පතුරම් කොපු කාර්මික සංවර්ධන මණ්ඩලය හරහා ලබාගෙන ඇති බව ලංකාදීප පුවත්පත තොරතුරු දැනගැනීමේ පනත යටතේ ලබාගත් තොරතුරුවලින් හෙළිවී ඇත.

මෙම බෝම්බකරු කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් හිස් පතුරම් කොපු ලබාගෙන ඇත්තේ කුඩා ව්‍යවසායකයන්ට අබලි ද්‍රව්‍ය ලබාගැනීමට ඇති පහසුකම යටතේ බවද හෙළිවී ඇත.

මේ සඳහා ව්‍යවසායකයකු හැටියට කාර්මික සංවර්ධන මණ්ඩලයේ ලියාපදිංචි විය යුතු අතර කොලෝසස් ප්‍රයිවට් ලිමිටඩ්, අංක 111/6, අවිස්සාවේල්ල පාර, වැල්ලම්පිටිය යන ලිපිනයෙන් 1611216 ලියාපදිංචි අංකය යටතේ එම්.අයි. ඉන්සාෆ් අහමඩ් නමින් ඔහු මෙම මිලදී ගැනීම් කර ඇත.

වසර ගණනක් තිස්සේ රුපියල් කෝටි ගණනක් වටිනා හිස් පතුරම් ඔහු මෙසේ මිලදීගෙන ඇත්තේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පිහිටි තමාට අයත් තඹ කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු සඳහා බව කියමිනි.

පාස්කු ඉරිදා ප්‍රහාරයට යොදාගත් බෝම්බ මෙම තඹ කම්හලේදී නිෂ්පාදනය කළ බවට ආරක්ෂක අංශ සැකකරයි.

ඉම්ෆාස් අහමඩ්ලේ පවුලේ සොයුරු සොයුරියන් නවදෙනෙකු සිටින අතර පාස්කු ඉරිදා ප්‍රහාරයේදී කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කරනු ලැබු ඉල්හාම් අහමඞ් ඉන්සාෆ් එක් සහෝදරයෙකි.

දෙමටගොඩ, මහවිල උද්‍යානයේ නිවෙසක් පරීක්ෂා කිරීමේදී පුපුරාගිය බෝම්බයෙන් ඉම්ෆාස් අහමඩ්ගේ බිරිඳ හා දරුවන් දෙදෙනා මියගියහ.

මෙම සිද්ධියෙන් පසුව පොලිසිය සිදුකළ පරීක්ෂණයෙන් අනතුරුව මෙම තඹ කර්මාන්ත ශාලාව පරීක්ෂාවට ලක්කර එහි කළමනාකරු ඇතුළු පුද්ගලයෝ නව දෙනෙක් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබූහ.

ඉන්සාෆ් අහමඞ් මෙසේ දිගු කලක් කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් හිස් පතුරම් කොපු තොග ගණනින් ලබාගෙන ඇති අතර එම ප්‍රදානයන් සිදුව ඇත්තේ කුඩා ව්‍යාවසායකයන්ට අබලි ද්‍රව්‍ය ලබාදීමට නියමිත ක්‍රමවේදයෙන් බැහැරව බවට විශ්වාසී ආරංචි මාර්ග සඳහන් කරයි.

කුඩා ව්‍යවසායකයන් නගාසිටුවීම සඳහා මෙම පහසුකම කාර්මික සංවර්ධන මණ්ඩලය මගින් ලබාදී ඇති නමුත් සීමාව ඉක්මවා මිලදීගැනීමට කර්මාන්තකරුවන් කීපදෙනකුට අවස්ථාව සැලැසී ඇතැයි එහි ප්‍රකාශකයෙක් කීය.

ඉන්සාෆ් අහමඩ් නමැත්තා අවස්ථා ගණනාවකදී කාර්මික සංවර්ධන මණ්ඩලයට පැමිණ මිලදී ගැනීම් ක්‍රියාවලියට සම්බන්ධවී ඇති බව ඔහු කීය.

ඉන්සාෆ් අහමඞ්ට කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් මෙම පතුරම් මිලදීගැනීමට ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයකුගේ අනුග්‍රහය ද ලැබී ඇති බවද පැවසේ.

කාර්මික සංවර්ධන මණ්ඩලය, වාණිජ හා කර්මාන්ත කටයුතු අමාත්‍යාංශය යටතේ පවතින රාජ්‍ය ආයතනයකි.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29280,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඇමති මැදිහත්වී බෝම්බ හදන්න රාජ්‍ය අනුග්‍රහය දීලා !
ඇමති මැදිහත්වී බෝම්බ හදන්න රාජ්‍ය අනුග්‍රහය දීලා !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgnmVTZzCIsE6UTD4l3sWoYXXVie5khx9pNSoVQeaUSTzo691iYqCj_dnWZifYnjnvbUTPQAn_iWfvRxGWDxHwAnGdrGRw0j5zMSo3h3arpW-UOo6EpagCc_iOxMKmkG9E3F_CNvy6g8e9O/s320/808a562569d85f44b8c606ad53afe4b0_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgnmVTZzCIsE6UTD4l3sWoYXXVie5khx9pNSoVQeaUSTzo691iYqCj_dnWZifYnjnvbUTPQAn_iWfvRxGWDxHwAnGdrGRw0j5zMSo3h3arpW-UOo6EpagCc_iOxMKmkG9E3F_CNvy6g8e9O/s72-c/808a562569d85f44b8c606ad53afe4b0_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/04/blog-post_613.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/04/blog-post_613.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy