දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ලක්ෂ 120ක හොරකමකට ඒකාබද්ධයේ සමුප සභාපතිවරයකු ඉවතට.
Homeගොසිප්

ලක්ෂ 120ක හොරකමකට ඒකාබද්ධයේ සමුප සභාපතිවරයකු ඉවතට.

PropellerAds

රුපියල් ලක්ෂ 120 ක මුදල් අවභාවිතය ඇතුළු දූෂණ වංචා රැසක් සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටි ගාල්ල, වැලිවිටිය දිවිතුර විවිධ සේවා ප‍්‍රාදේශීය සමූ...

'නාමල් මේ රටේ නායකයා වීම කිසිවෙකුට නතර කිරීමට බෑ' : රාජපක්ෂ කඳවුරේ ප්‍රබලයෙක් හෙළිකරයි.
මාලගමුව ඝාතන සැලැසුම ගැන, බෙවන් පොලිසියෙදි හෙළි කරයි.
ගම හදන්න කෝටි 8,000ක්!

රුපියල් ලක්ෂ 120 ක මුදල් අවභාවිතය ඇතුළු දූෂණ වංචා රැසක් සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටි ගාල්ල, වැලිවිටිය දිවිතුර විවිධ සේවා ප‍්‍රාදේශීය සමූපකාර සමිතියේ සභාපතිවරයා, එහි සාමාජිකයින් විසින් ඉදිරිපත් කරනු ලැබූ විශ්වාස භංග යෝජනාවක් සම්මත වීමෙන් පසු තනතුරින් පහ  කිරීමට දකුණු පළාත් සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

මෙසේ තනතුරින් ඉවත් කර ඇත්තේ වැලිවිටිය දිවිතුර ප‍්‍රාදේශීය සමූපකාර සමිතියේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටි සුනිල් ශාන්ත ගුරුසිංහ නැමැති අයයි.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් සභාපති තනතුරට පත් වූ ඒ මහතා 2016 මැයි මාසයේ සිට වසරකුත් මාස 08 ක කාලයක් සභාපති ධුරයේ කටයුතු කරමින් සිටියේය.

එම කාලය තුල සභාපතිවරයා විසින් සිදු කරන ලදැයි කියන මුදල් අවභාවිතය ඇතුළු දූෂණ වංචා රැසක් ඔහුට එරෙහිව මහ සභා නියෝජිතයන් විසින් ගොනු කර තිබු විශ්වාසභංග යෝජනාවට ඇතුළත් කර තිබුණි.

එම සමුපාකාර සමිතියේ විශේෂ මහා සභා රැස්වීමේදී විවාදයට ගත සභාපතිවරයා තනතුරින් පහ කෙරුණු  විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්ද 31 ක් ද විපක්ෂව ඡන්ද 26 ක් ද ලැබී තිබුණ බව එම අවස්ථාවට සහභාගී වූ සමූපකාර දෙපාර්තමේන්තුවේ නියෝජිතයින් තහවුරු කළේය.

සමූපකාර සමිති අතුරු ව්‍යවස්ථාවේ 42 වගන්තිය අනුව මහ සභා නියෝජිතයින් විසින් කරන ලද ලිඛිත ඉල්ලීමකට අනුව මෙම විශේෂ මහ සභා වාරය, දකුණු පළාත් සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් කැදවා තිබුණි.

මේ විශේෂ මහ සභාවට සමූපකාර සමිතියේ මහ සභා නියෝජිතයින් 96 දෙනාගෙන් 52 දෙනෙකු සහභාගි වී තිබුණු අතර දකුණූ පළාත් සහකාර සමූපකාර කොමසාරිස් පී. එම්. පර්ලි මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් පැවති එම  රැස්වීමට ගාල්ල දිස්ත‍්‍රික් සමූපකාර සංවර්ධන ප‍්‍රාදේශිය නිලධාරි නීලමනී ද සිල්වා, සමූපකාර සංවර්ධන නිලධාරිනියන් වන ජීවන්ති ගුණසේකර, පී එම් සෝමලතා, පී එම් එස් රේණුකා හා සමූපකාර සමිතියේ අධ්‍යක්‍ෂකවරුන් ඇතුලළු මහ සභා නියෝජිතයෝ සහභාගී වූහ.

1976 මැයි 18 වන දින ලියාපදිංචි ඇත්කදුර, තණබද්දේගම සීමාසහිත වැලිවිටිය දිවිතුර නව විවිධ සේවා සමූපකාර සමිතියේ සභාපතිවරයෙකු මෙසේ  වංචා දූෂණ චෝදනා ලබා විශ්වාසභංග යෝජනාවකින් ධුරයෙන් පහ කරනු ලැබුවේ ප්‍රථම වතාවට බව  එහි සමාජිකයෝ සහ  මහ සභා නියෝජිතයෝ ප‍්‍රකාශ කරති.

මේ  සමුපකාර සමිතිය, ප‍්‍රාදේශික 16 කින් සහ  ග‍්‍රාමීය බැංකු 07 කින් සමන්විත වන අතර  ප‍්‍රාදේශික 06 ක් පසුගිය කාලයේ වසා දමා තිබු බවද මහ සභා නියෝජිතයෝ ප‍්‍රකාශ කරති.

මෙම සමිතියේ බැංකු අංශයෙන් රුපියල් ලක්ෂ 120 කට අධික මුදලක් දකුණු පළාත් සමූපකාර කොමසාරිස්වරයාගේ සහ  අධ්‍යක්‍ෂක මණ්ඩලයේ අනුමැතියකින් තොරව අවභාවිතා කිරිමේ චෝදනාව ඇතුළු තවත් චෝදනා 07 කට සභාපතිවරයා ලෙස  කටයුතු කළ සුනිල් ශාන්ත ගුරුසිංහ යන අය වැරදිකරුවා බවට විශ්වාභංග යෝජනාවෙන් මහ සභා නියෝජිතයින් බහුතරය ප‍්‍රකාශ කළ අතර  ඒ අනුව ඔහුගේ සමූපකාර සමිතියේ අධ්‍යක්‍ෂක ධූරය මෙන්ම සභාපතිධුරයද අහෝසි විය.

සභාපතිවරයාට එරෙහි විශ්වාස භංග  යෝජනාව පිළිබඳ විවාදයේදී මුදල් අවභාවිතය, රන් භාණ්ඩ වෙන්දේසියේ දි සිදුකළ වංචා, සමූපකාර දෙපාර්තමේන්තුවේ අනුමැතියකින් තොරව විවිධ ඉදිකිරීම් සිදු කිරීම, ටෙන්ඩර් පටිපාටිය උල්ලංඝණය කිරීම , ආදිය පිළිබදව කරුණු සාකච්ඡා කෙරෙද්දී සභාවේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය.

(Lanka News Week)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලක්ෂ 120ක හොරකමකට ඒකාබද්ධයේ සමුප සභාපතිවරයකු ඉවතට.
ලක්ෂ 120ක හොරකමකට ඒකාබද්ධයේ සමුප සභාපතිවරයකු ඉවතට.
http://ift.tt/2k759Gv
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/120.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/120.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy