පොලිස්පතිවරයාගේ අනුදැනුම මත බව පවසමින් හැටන් නගරයේ ති‍්‍රරෝද රථවල පොලිස් බල ප‍්‍රදේශය සදහන් කරමින් ස්ටිකර් ඇලවු සැකකරුවන් දෙදෙනෙක් ති‍්‍රර...
පොලිස්පතිවරයාගේ අනුදැනුම මත බව පවසමින් හැටන් නගරයේ ති‍්‍රරෝද රථවල පොලිස් බල ප‍්‍රදේශය සදහන් කරමින් ස්ටිකර් ඇලවු සැකකරුවන් දෙදෙනෙක් ති‍්‍රරෝද රථ හිමියන්ගේ ප‍්‍රශ්න කිරිම් හමුවේ පලා ගොස් තිබෙන බව වාර්තා වේ.
පෙරේදා (18) පස්වරුවේ හැටන් නගරයේ ඩන්බාර් විදියේ සි.සි.ටිවි කැමරා සවිකර නොතිබුණු ති‍්‍රරෝද රථ ගාලට පැමිණි දෙදෙනෙකු ති‍්‍රරෝද රථ හිමියන්ට ස්ටිකර් දෙකක් ලබා දි විශේෂ ආකෘති පත‍්‍රයක් පුරවාගෙන එම ස්ටිකර් ති‍්‍රරෝද රථයේ අලවා එම ස්ටිකර් වෙනුවෙන් රුපියල් එකසිය පනහක මුදලක්ද ඔවුන් දෙදෙනා විසින් ති‍්‍රරෝද රථ හිමියන්ගෙන් ලබාගෙන ඇත.
ජනරජ ලාංජනයට සමානව සකස් කර ඇති මෙම ස්ටිකරයේ පොලිස් බල ප‍්‍රදේශයේ නම, ලියාපදිංචි ස්ටිකරයේ අංකය, පොලිස් ස්ථානයේ දුරකථන අංකය, පොලිස් කොට්ඨාශය, හදිසි ඇමතුම් අංක 119- 118, මධ්‍යම පළාත යනුවෙන් සදහන් කර ති‍්‍රත්ව භාෂාවෙන්ම මෙම ස්ටිකරය සකස් කර ඇත.
ති‍්‍රරෝද රථ හිමියන් වෙත ගිය මෙම සැකකරුවන් දෙදෙනා ති‍්‍රරෝද රියදුරන්ව දැනුවත් කරමින් පවසා ඇත්තේ තමන් දිවයින පුරා පොලිස් ස්ථානවල ති‍්‍රරෝද රථ සහ පාසල් ප‍්‍රවාහන වෑන් රථ සහ බස් රථ හදුනා ගැනිම සදහා පොලිස්පතිවරයාගේ අනුදැනුම මත දිවයින පුරා පොලිස් ස්ථාන බල ප‍්‍රදේශවල මෙම ස්ටිකරය අලවා ඇති බවයි.
මේ පිළිබදව සැක සිතු ති‍්‍රරෝද රථ රියදුරන් ඒ පිළිබදව හැටන් පොලිසියේ නිළධාරින් දැනුවත් කරන අවස්ථාවේ එම සැකකරුවන් දෙදෙනා පැමිණි ති‍්‍රරෝද රථයෙන්ම ඔවුන් දෙදෙනා පැන ගොස් තිබේ.
මේ පිළිබඳව කළ සොයා බැලිමකදි මේ වන විට ගත වු දින කිහිපය තුල හැටන් පොලිස් කොට්ඨාශයට අයත් පොලිස් බල ප‍්‍රදේශ කිහිපයකම ති‍්‍රරෝද රථ සහ පාසල් සේවා රථවල මෙසේ ස්ටිකර් අලවා මුදල් උපයා ඇති බව තොරතුරු අනාවරණය වීය.
මේ පිළිබදව හැටන් පොලිසියේ නිළධාරියෙකුගෙන් කළ විමසුමකට එම පොලිස් නිළධාරිවරයා කියා සිටියේ පෙරේදා (18) පොලිසිය වෙත පැමිණි දෙදෙනෙකු පොලිස්පතිවරයාගේ අනුදැනුම ඇති ස්ටිකර් ඇලවිමේ වැඩ සටහනක් දියත් කරන බවත් එය පෙරේදා (18) හැටන් පොලිස් බල ප‍්‍රදේශයේ කි‍්‍රයාත්මක වන නිසා ඒ සදහා අවසර ලබා දෙන ලෙසය. එහිදි එම පොලිස් නිළධාරිවරයා ඔවූන් වෙත දන්වා ඇත්තේ පොලිස්පතිවරයාගෙන් එවැනි චක්‍රලේකනයක් ලැබි නොමැති නිසා ඒ සදහා අවසර ලබා නොදිය හැකි බවය.
ඔවුන් දෙදෙනා විසින් ලබා දි ඇති ආකෘති පත‍්‍රයේ නැවතුම්පොල, ස්ටිකරය ලියාපදිංචි අංකය, අයිතිකරුගේ නම, ලිපිනය, හැදුනුම්පත් අංකය, දුරකථන අංකය, ග‍්‍රාමසේවා වසම, ජායාරූප අංකය ඇතුළු තවත් කරුණු ගණනාවකින් සමන්විතය මෙම ස්ටිකරයට පහලින් පරිස්සමින් ගිහිං එන්න යනුවෙන්ද සදහන් කර ඇත.
(හැටන් රංජිත් රාජපක්ෂ)
COMMENTS