ඉකුත් සතියේ ශ්‍රී ලංකාවට පැමිණි කටාර් ආයෝජකයින් පිරිසක් කොළඹ ග්‍රෑන්ඩ් හයට් (Grand Hyatt) හෝටලය ඇතුළු විශාල හෝටල් ව්‍යාපෘති දෙකකට ආයෝජනය ක...
ඉකුත් සතියේ ශ්‍රී ලංකාවට පැමිණි කටාර් ආයෝජකයින් පිරිසක් කොළඹ ග්‍රෑන්ඩ් හයට් (Grand Hyatt) හෝටලය ඇතුළු විශාල හෝටල් ව්‍යාපෘති දෙකකට ආයෝජනය කිරීමට කැමැත්ත පලකර ඇතැයි වාර්තා වේ.
එසේම ඔවුන් මෙරට වෙරළබඩ සංචාරක කර්මාන්තය දියුණුවෙමින් පවතින බැවින් වෙරළ නිවාඩු නිකේතනයක් සඳහා ආයෝජනය කිරීමට ද කැමැත්ත පළ කර ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙසේ පැමිණි පිරිස අතර කටාර්හි ආර්ථික හා වාණිජ අමාත්‍ය ෂීක් අහමඩ් බින් ජසම් අල් තානි සහ කටාර් ගුවන්සේවා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි අක්බාර් අබ්බාස් අල් බේකර් මහතා ද සිටින බව පැවසේ.
ඔවුන් ගෙවුණ සතිය මුලදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග ද සාකච්ඡා පවත්වා තිබේ.
නීතිය හා සාමය, දකුණු පළාත් සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාද් බදියුදීන්, අගමැති ලේකම් සමන් ඒකනායක සහ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කාවන් රත්නායක යන මහත්වරුන් මේ අවස්ථාවට සහභාගි වී ඇති අතර තමන් ශ්‍රී ලංකාවේ ආයෝජනයට මනාප බව ඔවුන් ඉදිරියෙදී කටාර් ආයෝජකයින් අගමැතිවරයාට පවසා ඇත.
මේ පිරිස සංචාරක කර්මාන්තයට අමතරව විදුලිබල හා බලශක්තිය සහ කෘෂිකර්මාන්තය යන කේෂත්‍ර සඳහා ද ආයෝජනය කිරීමට කැමැත්තෙන් පසුවන බව පැවසේ.
අගමැතිවරයා හා සාකච්ඡාවට පෙර ඔවුන් යෝජිත ඉහළ පෙලේ සංචාරක කලාප වන දැදිගොඩ සහ අකුරල ප්‍රදේශයේ ද නිරීක්ෂණ චාරිකාවක නිරත වී තිබේ.
COMMENTS