මේ සඳහා හේතු වී ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා වූ ගාමිණී සෙනරත් මහතාව අත්අඩංගුවට ගැනීම චේතාන්විතව ප...
මේ සඳහා හේතු වී ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා වූ ගාමිණී සෙනරත් මහතාව අත්අඩංගුවට ගැනීම චේතාන්විතව පමා කිරීම බව පැවසේ.
ගාමිණී සෙනරත් මහතාව වහාම අත්අඩංගුවට ගැනීමට මූල්‍ය අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂකවරයාට උපදෙස් දී ඇත්තේ නීතිපතිවරයා විසිනි. ඒ අනුව ඔහුට කට උත්තරයක් ලබා දීමට FCID වෙත පැමිණෙන ලෙස දැනුම් දී ඇති අධ්‍යක්ෂකවරයා එහිදී ඔහු අත්අඩංගුවට ගැනීමට සැලසුම් කර තිබී ඇත. නමුත් ගාමිණී සෙනරත් මහතා FCID වෙත නොපැමිණ සැඟවී සිටිමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මානව හිමිකම් පැමිණිල්ලක් ගොනු කරනු ලැබීය. පසුගියදා අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසු රිමාන්ඩ් බන්ධනාගාර ගතකළ අතර එම බන්ධනාගාර ගත කිරීම මේ මස 22 වෙනිදා දක්වා අද (15) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් දීර්ඝ කරනු ලැබීය.
පොලිස්පතිවරයාගේ SIU පැමිණිල්ල
ගාමිණී සෙනරත් හා අනෙක් දෙදෙනා මේ වන විට රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇති බව දැන දැනත් පොලිස්පතිවරයා මේ සැරසෙන්නේ කාගෙන් හෝ ලකුණු දමාගෙන මාධ්‍ය සංදර්ශනයක් පැවැත්වීමටය.
විෂයභාර අමාත්‍ය සාගල රත්නායක මහතා පෙරේදා (13) විශේෂ ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ තමා ගාමිණී සෙනරත් සඟවා තබාගෙන සිටියා යැයි සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සිදුකරන චෝදනාව හුදු මඩ ගැසීමක් බවයි. පොලිස්පතිවරයා මේ සැරසෙන්නේ විෂයභාර අමාත්‍යවරයාගෙන් ලකුණු දමාගෙන අගමැතිවරයාට හා ජනාධිපතිවරයාට තමා නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පුද්ගලයෙකු බව පෙන්වීමටය.
ශ්‍රී ලංකා පොලිසිය තුළ වඩාත්ම දෝෂ දර්ශනයට ලක්වී ඇති පුද්ගලයා මෙන්ම වසර 151 ක පොලිස් ඉතිහාසයේ අපකීර්තිමත්ම පොලිස්පතිවරයා ලෙස කුප්‍රසිද්ධියක් ලබා ඇති වත්මන් පොලිස්පතිවරයා මේ වන විට රඟ දක්වමින් සිටින්නේ ස්වකීය නිල ජීවිතයේ අවසාන රංගනය බව ශ්‍රී ලංකා පොලිසියේ සියළුම උසස් නිලධාරීන් ඒකමතිකව පවසා සිටිති.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා මූල්‍ය අපරාධ කොට්ඨාශය මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති ඉහළ පෙලේ සියළුම පුද්ගලයන් උදා. අනුර සේනානායක, වාස් ගුණවර්ධන, ලලිත් ජයසිංහ, සජින් වාස් ගුණවර්ධන, පිල්ලෙයාන් නැමැති සියළුම දෙනා අත්අඩංගුවට ගෙන තිබෙන්නේ කට උත්තර ලබා දීමට පැමිණි අවස්ථාවලදීය.
SIU පූර්වාදර්ශය
පොලිස් විශේෂ විමර්ශණ ඒකකය විසින් නිවසට ගොස් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු වන පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ප්‍රභාත් ගම්මන්පිල පොලිස් විශේෂ විමර්ශණ ඒකකයේ ජේෂ්ඨ පොලිස් අධිකාරී මෙවන් සිල්වාට විරුද්ධව නිවසට පැමිණ තමා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මානව හිමිකම් නඩුවක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කරනු ලැබීය.
මෙම අවස්ථාවේදීත් පොලිස්පතිවරයා තම පැවැත්ම වෙනුවෙන් ජේෂ්ඨ පොලිස් අධිකාරී මෙවන් සිල්වාව බිල්ලට දීමට සැරසීම විශේෂ විමර්ශණ ඒකකයේ නිලධාරීන්ගේ පවා දැඩි දෝෂ දර්ශනයට ලක් වී තිබේ.
පොලිස්පතිවරයාව අත්අඩංගුවට ගන්නේ කවදාද?
පසුගිය අප්‍රේල් මස පොලිස් මූලස්ථානයේ විදුලි සෝපාන ක්‍රියාකරු සමරකෝන් බන්ඩාට පහරදීම සම්බන්ධයෙන් මේ දක්වා පොලිස්පතිවරයාට එරෙහිව කිසිදු පරීක්ෂණයක් සිදු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පොලිස් කොමිසම හෝ ව්‍යවස්ථාදායක සභාව සිද්ධියෙන් මාස 7 ක් ඉකුත් වී ඇත ද කිසිදු පියවරක් ගෙන නොමැත. එහිදී පොලිස්පතිවරයා සත්‍ය වශයෙන්ම පෙන්නුම් කරන්නේ තමන් පොලිස් කොමිසමට හා ව්‍යවස්ථාදායක සභාවට ඉහළින් සිටින නීතිය ඉදිරියේ අසමාන පුද්ගලයෙකු බවයි.
සමරකෝන් බන්ඩා අනුයුක්තව සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බැවින් පොලිස්පතිවරයාට එරෙහිව ක්‍රියාකළ යුත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවයි. එම දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් පොලිස්පතිවරයාව රකිමින් ඔහුට පියවරක් නොගෙන ක්‍රියාකිරීම අතිශය ශෝක ජනක කාරණයකි. එහෙයින් අප අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් රහස් පොලිස් අධ්‍යක්ෂකවරයාගෙන් ඉල්ලා සිටින්නේ පොලිස්පතිවරයා අත්අඩංගුවට ගෙන නීතිය සැමට එක බව ක්‍රියාවෙන් ඔප්පු කර දක්වන ලෙසය.
COMMENTS