දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
හීනෙන්වත් MCC අත්සන් කරන්නේ නැහැ...ඒ නිසා ගැලරිය පිනවන්න බොරු කියන්න එපා - ජනපති
Homeප්‍රවෘත්ති

හීනෙන්වත් MCC අත්සන් කරන්නේ නැහැ...ඒ නිසා ගැලරිය පිනවන්න බොරු කියන්න එපා - ජනපති

PropellerAds

එම්.සී.සී. ගිවිසුම තම රජය කිසිසේත් අත්සන් තබන්නේ නැතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විශේෂ ප්‍රකාශයක් කළේය. ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කළේ ඇ...

දෙදෙනෙක් අතුරුදහන් … ඔවුන් කොහෙද කියන්න?... නීතිඥවරු පොලිසියෙන් අසති! (VIDEO)
ෆීල්ඩ් මාෂල් ගාලු මුවදොර ප්‍රහාරය හෙළා දකී! තද නිවේදනයක් කරයි!
09ක් අත්අඩංගුවේ! පිරිසක් රෝහලේ! ලේකම් කාර්යාලයේ ඇගිලි සලකුණු ගනී!
එම්.සී.සී. ගිවිසුම තම රජය කිසිසේත් අත්සන් තබන්නේ නැතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විශේෂ ප්‍රකාශයක් කළේය. ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කළේ ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ ලංකාවට පැමිණියේ එම්.සී.සී. ගිවිසුම අත්සන් තැබීමට යැයි විවිධ පාර්ශ්ව කරන චෝදනා සම්බන්ධයෙන් ‘අරුණ’ ප්‍රශ්න කළ අවස්ථාවේය.

ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා සමග පැවති සාකච්ඡාවේදී එම්.සී.සී. ගිවිසුම පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීමක්වත් සිදු නොවූ බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

‘‘හීනෙකින්වත් එම්.සී.සී. ගිවිසුම අත්සන් කරන්නේ නෑ. ගැලරිය පිනවන්න එම්.සී.සී ගිවිසුමක් අත්සන් කළොත් අරක කරනවා, මේක කරනවා කියලා සමහරු කතා කරනවා. ඒ කියන අය දන්නවා අපි එම්.සී.සී. ගිවිසුම අත්සන් කරන්නේ නෑ කියලා. ඒ නිසා බය නැතිව කියනවා එම්.සී.සී. ගිවිසුම අත්සන් කළොත් ආණ්ඩුවෙන් යනවා වාගේ කතා. මේවා ගැලරිය පිනවන්න කියන කතා.’’ යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අප කළ විමසුමට පිළිතුරු දෙමින් කීවේය.

එසේම ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා සමග පැවති සාකච්ඡා ඉතාම සුහදශීලීව පැවති බවද මතභේදාත්මක කිසිවක් එහි සිදු නොවූ බවද එතුමා පැවසුවේය. මීට පෙර ලංකාවට ආ රාජ්‍ය දූත පිරිස් කොන්දේසි පනවමින් මතභේදාත්මක කරුණු ඉදිරිපත් කරමින් සාකච්ඡා කළද මෙම ලේකම්වරයා ඒ සියලු දෙනාට වඩා සුහදශීලී ආකල්පයකින් යුතුව කටයුතු කළ බව ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ඇමරිකානු රාජ්‍ය දූත පිරිස් ලංකාවට ආවහම මුලින්ම කතා කරන්නේ මානව හිමිකම් කඩවීම් වගේ කාරණා ගැන. නමුත් මෙවර අපියි, මානව හිමිකම් ගැන කාරණය ඇමරිකාවට මතක් කළේ. පරණ දේවල් අමතක කරල ආණ්ඩුව සමග සුහදව කටයුතු කරන්න ලේකම්වරයා තමන්ගේ කැමැත්ත ප්‍රකාශ කළා. චීනයට හෝ වෙනත් කුමන රටකටවත් අපි යටත් නැති ස්වාධීනත්වය ආරක්ෂා කරගන්නා ප්‍රතිපත්තියක ඉන්නා බව අපි පෙන්වා දුන්නා. හම්බන්තොට වරාය චීනයට විකිණීමට මම එදාත් විරුද්ධ බව ප්‍රකාශ කළා. ඒත් වසර හැත්තෑවකට වැඩි කාලයක් චීනය අපේ මිතුරා වෙලා හිටපු බව අපි පැහැදිලි කළා. ඒ විතරක් නෙවෙයි, අපි අපේ රට වෙනත් කිසිම රටකට එරෙහිව පාවිච්චි කරන්න, වෙනත් රටවල ආරක්ෂාවට තර්ජනයක් වෙන දෙයකට යොදාගන්න ඉඩ තියන්නේ නැති බවත් කීවා. ඉන්දියාව අපේ සාම්ප්‍රදායික නෑයා. චීනය අපේ හිතවතා. ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වෙන දෙයකට අපේ රට යොදා ගන්න ඉඩ දෙන්නේ නැති බවත්, මට කියන්න වුණා’’

යනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ‘සති අග අරුණ’ට පැවසීය.

ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා සමග පැවති සාකච්ඡාවේදී එම්.සී.සී. ගිවිසුම පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීමක්වත් සිදු නොවූ බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

‘‘හීනෙකින්වත් එම්.සී.සී. ගිවිසුම අත්සන් කරන්නේ නෑ. ගැලරිය පිනවන්න එම්.සී.සී ගිවිසුමක් අත්සන් කළොත් අරක කරනවා, මේක කරනවා කියලා සමහරු කතා කරනවා. ඒ කියන අය දන්නවා අපි එම්.සී.සී. ගිවිසුම අත්සන් කරන්නේ නෑ කියලා. ඒ නිසා බය නැතිව කියනවා එම්.සී.සී. ගිවිසුම අත්සන් කළොත් ආණ්ඩුවෙන් යනවා වාගේ කතා. මේවා ගැලරිය පිනවන්න කියන කතා.’’ යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අප කළ විමසුමට පිළිතුරු දෙමින් කීවේය.

එසේම ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා සමග පැවති සාකච්ඡා ඉතාම සුහදශීලීව පැවති බවද මතභේදාත්මක කිසිවක් එහි සිදු නොවූ බවද ඔහු පැවසුවේය. මීට පෙර ලංකාවට ආ රාජ්‍ය දූත පිරිස් කොන්දේසි පනවමින් මතභේදාත්මක කරුණු ඉදිරිපත් කරමින් සාකච්ඡා කළද මෙම ලේකම්වරයා ඒ සියලු දෙනාට වඩා සුහදශීලී ආකල්පයකින් යුතුව කටයුතු කළ බව ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

‘‘ඇමරිකානු රාජ්‍ය දූත පිරිස් ලංකාවට ආවහම මුලින්ම කතා කරන්නේ මානව හිමිකම් කඩවීම් වගේ කාරණා ගැන. නමුත් මෙවර අපියි, මානව හිමිකම් ගැන කාරණය ඇමරිකාවට මතක් කළේ. පරණ දේවල් අමතක කරල ආණ්ඩුව සමග සුහදව කටයුතු කරන්න ලේකම්වරයා තමන්ගේ කැමැත්ත ප්‍රකාශ කළා. චීනයට හෝ වෙනත් කුමන රටකටවත් අපි යටත් නැති ස්වාධීනත්වය ආරක්ෂා කරගන්නා ප්‍රතිපත්තියක ඉන්නා බව අපි පෙන්වා දුන්නා.

හම්බන්තොට වරාය චීනයට විකිණීමට මම එදාත් විරුද්ධ බව ප්‍රකාශ කළා. ඒත් වසර හැත්තෑවකට වැඩි කාලයක් චීනය අපේ මිතුරා වෙලා හිටපු බව අපි පැහැදිලි කළා. ඒ විතරක් නෙවෙයි, අපි අපේ රට වෙනත් කිසිම රටකට එරෙහිව පාවිච්චි කරන්න, වෙනත් රටවල ආරක්ෂාවට තර්ජනයක් වෙන දෙයකට යොදාගන්න ඉඩ තියන්නේ නැති බවත් කීවා. ඉන්දියාව අපේ සාම්ප්‍රදායික නෑයා. චීනය අපේ හිතවතා. ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වෙන දෙයකට අපේ රට යොදා ගන්න ඉඩ දෙන්නේ නැති බවත්, මට කියන්න වුණා’’ යනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  පැවසීය.

උපුටා ගැනීම – අරුණ
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හීනෙන්වත් MCC අත්සන් කරන්නේ නැහැ...ඒ නිසා ගැලරිය පිනවන්න බොරු කියන්න එපා - ජනපති
හීනෙන්වත් MCC අත්සන් කරන්නේ නැහැ...ඒ නිසා ගැලරිය පිනවන්න බොරු කියන්න එපා - ජනපති
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhOKQnPAzdVtSr-3EvtFlJJzhqenRFZFUajajexceqBvd9zvM-_7JLTobfgRSZByutTbowl3Q9kYIXzXDOwwPCPzm9-1w40edK5bODggNtBK5rzlaQNGjOIcaartH2IIrq5aoAJtqLoP8g/s320/gotabaya.rajapaksa-1.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhOKQnPAzdVtSr-3EvtFlJJzhqenRFZFUajajexceqBvd9zvM-_7JLTobfgRSZByutTbowl3Q9kYIXzXDOwwPCPzm9-1w40edK5bODggNtBK5rzlaQNGjOIcaartH2IIrq5aoAJtqLoP8g/s72-c/gotabaya.rajapaksa-1.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/11/mcc.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/11/mcc.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy