දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ක්‍රිබ් (CRIB) එකේ නම ඇති අයට මංගල ණය දෙන්න කියලා.
Homeගොසිප්

ක්‍රිබ් (CRIB) එකේ නම ඇති අයට මංගල ණය දෙන්න කියලා.

PropellerAds

ණය තොරතුරු කාර්යාංශයට (CRIB) වාර්තා වී ඇති අපනයන හැකියාවන් සහිත දේශීය සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ටත් රැකවරණ අරමුදලේ සහාය ලබාදී, බ...

ගිනිගේට මරණ තර්ජන තිබිලා : මරණය දිවි නසා ගැනීමක් නෙවෙයි.
2020ත් මෛත්‍රී!
දුරකථන බාරදෙන්නැයි වැලිකඩ සිරකරුවන්ට නිවේදන.

ණය තොරතුරු කාර්යාංශයට (CRIB) වාර්තා වී ඇති අපනයන හැකියාවන් සහිත දේශීය සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ටත් රැකවරණ අරමුදලේ සහාය ලබාදී, බැංකු මඟින් මූල්‍ය පහසුකම් සැලසීමට රජය තීරණය කොට ඇතැයි මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා කියයි.

දැනට ණය මුදල් ලබාගෙන ණය ගෙවීමට නොහැකිව සිටින කර්මාන්තකරුවන් සඳහාද මේ යටතේ ණය මුදල් ලබාදීමට නියමිත ය.

ඉදිකටුවේ සිට ගුවන්යානය දක්වා පිටරටින් ගෙන්වීමේ කලාව වෙනුවට දේශීය නිෂ්පාදකයන්ගේ නිපැයුම් පිටරට යැවීම දිරිගැන්වීම සඳහා රජය ආරම්භ කළ දැවැන්ත වැඩපිළිවෙළ ය‍ටතේ මේ සහනය හිමි වන බවද ඇමැතිවරයා කීය.

අපනයන හැකියාවෙන් යුතු දේශීය සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට මින් විශාල සහනයක් හිමි වනු ඇත.

ඊට අමතරව අපේ රටේ නිෂ්පාදකයකු පිටරටක පවත්වාගෙන යන වෙළෙඳ ව්‍යාපාරයක සාප්පු හා රාක්ක ඉඩකඩ වෙනුවෙන් ගෙවිය යුතු කුලී මුදල් සඳහා මාස 36ක් දක්වා කුලී මුදල් සහනයක් ලබාදීමට අය-වැයෙන් පියවර ගත් බවද මංගල සමරවීර මහතා ප්‍රකාශ කළේය. රජය වසර 2018ට පමණක් රුපියල් මිලියන 800ක මුදලක් මේ සඳහා වෙන් කොට ඇත.

මේ වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 13.5ක් වන අපනයන ආදායම වසර කිහිපයක් තුළ ඩොලර් බිලියන 20 දක්වා වැඩි කිරීමේ ඉලක්කය ජය ගන්නට මේ වැඩපිළිවෙළ මඟින් අපේක්ෂා කරන බවද ඇමැතිවරයා කීය.

- සිළුමිණ

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29315,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ක්‍රිබ් (CRIB) එකේ නම ඇති අයට මංගල ණය දෙන්න කියලා.
ක්‍රිබ් (CRIB) එකේ නම ඇති අයට මංගල ණය දෙන්න කියලා.
http://ift.tt/2BaOp8c
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/11/crib.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/11/crib.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy