ඉන්ධන හිඟයක් මවාපාමින් සංවිධානාත්මක පිරිසක් කටකතා පතුරුවන බවට ලැබී ඇති තොරතුරු මත එවැනි අසත්‍ය ප්‍රචාර පතුරුවන්නන්ට එරෙහිව විධිමත් පරීක්ෂණ...
ඉන්ධන හිඟයක් මවාපාමින් සංවිධානාත්මක පිරිසක් කටකතා පතුරුවන බවට ලැබී ඇති තොරතුරු මත එවැනි අසත්‍ය ප්‍රචාර පතුරුවන්නන්ට එරෙහිව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීන් පිරිසක් අද(20) දහවල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
කෙටි පණිවුඩ(SMS) පවා භාවිත කරමින් මෙසේ අසත්‍ය ප්‍රචාර කරන බවට තොරතුරු ලැබී ඇති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීන් කළ පැමිණිල්ලේ සඳහන් කර ඇත.
මේ අතර ඛනිජ තෙල් සම්පත් අමාත්‍යාංශයේ ලේකම් උපාලි මාරසිංහ මහතා සඳහන් කරන්නේ ඉන්ධන හිඟය සම්බන්ධයෙන් පැතිරෙන කටකතා සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇති කර නොගන්නා ලෙසත් අවශ්‍ය තරම් තෙල් තොග ඛනිජ තෙල් සංස්ථාව සතු බවත්ය.
දින 20කට අවශ්‍ය ඉන්ධන තොග සංස්ථාව සතුයි
අසත්‍ය ප්‍රචාරයන්ට රැවටීම හේතුවෙන් මහජනතාව අසීමිත ලෙස ගබඩා කරගැනීමේ ප්‍රතිඵලයක් ලෙස යම් යම් ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන තොග අවසන් වන ඇති බවට වාර්තා වූ නමුත් අවශ්‍ය ඕනෑම පුද්ගලයෙකු වෙත සීමාවකින් තොරව ඉන්ධන නිකුත් කිරීම සිදු කරන බව පෙන්වාදෙන ලේකම්වරයා මේ වන විට දින 20ක කාලයක් සඳහා අවශ්‍ය තරම් ඉන්ධන තොග සංස්ථාව සතු බවත් පෙන්වා දුන්නේය.
මේ වන විට ලබන වසරේ පෙබරවාරි මාසය දක්වා අවශ්‍ය කරන ඉන්ධන තොග ඉල්ලුම් කොට ඇති බවත් ලබන 26 සහ 28 දිනවලදී ඉන්ධන රැගත් තවත් නැව් දෙකක් පැමිණීමට නියමිත බවත් එම නැව්දෙකෙහි ඉන්ධන මෙට්ට්‍රික් ටොන් 70,000ක් රැගෙන පැමිණනෙ බවත් උපාලි මාරසිංහ මහතා වැඩිදුරටත් පැවසී ය.
කෙසේ වෙතත් ඉන්ධන සම්බන්ධයෙන් ගැටළු ඇත්නම් දැනුම් දීමට විශේෂ දුරකථන අංකයක් ද ඛනිජ තෙල් අමාත්‍යංශය හඳුන්වා දී ඇති අතර එවැනි ගැටළු පවතීනම් පැය 24 පුරා ක්‍රියාත්මක 011 5455130 යන දුරකථන අංකයට දැනුම් දෙන ලෙස එම අමාත්‍යංශය පවසයි.
ඉන්ධන හිඟයක් ඇති බවට අසත්‍ය ප්‍රචාර පතුරුවන පුද්ගලයින්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බවත් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අනුව අසත්‍ය ප්‍රචාර පතුරුවමින් ජනතාව අපහසුතාවට පත් කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී ඇති බව එම අමාත්‍යාංශය පැවසී ය.
COMMENTS