දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ති‍්‍රකුණාමල වරාය, තෙල් ටැංකි හා අක්කර 33,000ක් ඇමෙරිකාවට.. කැබිනට් පත‍්‍රිකාව අනුමැතියට !
Homeප්‍රවෘත්ති

ති‍්‍රකුණාමල වරාය, තෙල් ටැංකි හා අක්කර 33,000ක් ඇමෙරිකාවට.. කැබිනට් පත‍්‍රිකාව අනුමැතියට !

PropellerAds

ති‍්‍රකුණාමල වරාය, තෙල් ටැංකි සහ එහි අක්කර තිස්තුන්දහසක් ඇමෙරිකාවට බදුදීම සඳහා ආණ්ඩුව කැබිනට් පති‍්‍රකාවක් ඉදිරිපත්කර ඇතැයි ¥ෂණ විරෝධී හඬ ...

හම්බන්තොට පොලීසියේ HQI ඇතුළු 5ට ස්ථානමාරු
පුර නැගුම ව්‍යාපෘතිය 90%කින් අවසන්
ශ්‍රීලනිපය යළි පුළුල් සන්ධානයකට?
ති‍්‍රකුණාමල වරාය, තෙල් ටැංකි සහ එහි අක්කර තිස්තුන්දහසක් ඇමෙරිකාවට බදුදීම සඳහා ආණ්ඩුව කැබිනට් පති‍්‍රකාවක් ඉදිරිපත්කර ඇතැයි ¥ෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා පැවැසීය.

හෙතෙම මේ බැව් පැවසුවේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද පැවැසීය.

ආණ්ඩුව ජනතාවට කියනවා කොවිඞ් හමුවේ මහ පාරටවත් බහින්න එපා කියලා. කොවිඞ් පතුරුවන්න ජනතාවට අවශ්‍ය නැහැ.

එන්නත ලබාදීම ප‍්‍රමාදවීම නිසා වයස අවුරුදු 60 ට වැඩි අය මියගියා. ඒ සම්බන්ධව ආණ්ඩුව වගකීම භාරගත යුතුයි.

ආණ්ඩුව නිසි විසඳුම් ලබානොදීම නිසා ගුරු සංගම්, විදුහල්පතිවරු සිය වැටුප් විෂමතා සම්බන්ධව උද්ඝෝෂණය කරන්න අරගල කරන්න පටන් අරන් තියෙනවා.

කොතලාවල ආරක්‍ෂක පීඨ පනත නිසා තවත් අර්බුදයක් රට තුළ ඇති කරලා.

මේ අතර උදය ගම්මන්පිල මහතා කැබිනට් පති‍්‍රකාවක් ඉදිරිපත් කර තිබෙනවා ති‍්‍රකුණාමලය වරාය, තෙල් ටැංකි ටික සහ අක්කර තිස්තුන්දහසක භූමි ප‍්‍රමාණයක් ඇමෙරිකාවට බදු දෙන්න.

මේ ආණ්ඩුව කටයුතු කරන්නේ කුමන මානසිකත්වයෙන් දැයි කියා මින් ජනතාවට තේරුම්ගත හැකැයි. මේ ආණ්ඩුවේ තීන්දු තීරණ ගන්නා අය සිටින්නේ ඇමෙරිකානු මානසිකත්වයෙන්.

පවසුගිය කාලයේ ඛනිජ තෙල් පනත සංශෝධනය කරලා ඇමැතිවරයාට අවශ්‍ය පරිදි පෞද්ගලික සමාගම්වලට තෙල් බෙදාහැරීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා.

හම්බන්තොට වරාය චීනයට බදු දුන්නා. එය ආයෝජනයක් ලෙස පැවසුවා. එය ආයෝජනයක් ලෙස සලකන්න අකමැතිවූ මේ ආණ්ඩුව අද ති‍්‍රකුණාමල වරාය තෙල් ටැංකි ඇමෙරිකාවට බදු දෙන්න කටයුතු කරනවා. ඒ සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ, අගමැති මහින්ද රාජපක්‍ෂ මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ බලශක්ති ඇමැති උදය ගම්මන්පිල එකතුවී සිටිනවා.

ඊට අමතරව කෙරවලපිටිය එල්.එන්.ජී. බලාගාර ව්‍යාපෘතියේ සියයට හතළිහක් ඇමෙරිකාවට ලබාදෙන්න තීන්දු කරලා.

මේ අනුව අත්සන් නොකරනවා කියපු එම්.සී.සී. ගිවිසුම ආණ්ඩුව කි‍්‍රයාත්මක කරනවා.

රටේ සම්පත් විකුණන්න ජනතාව මේ ආණ්ඩුවට බලයදී නැහැ.

එම්.සී.සී. ගිවිසුම හරහා සකස් කළ ඇමෙරිකානු කොරිඩෝව ති‍්‍රකුණාමලය වරයා හරහා කෙරවලපිටිය නොරච්චෝල විදුලිබලාගාර දක්වා ගමන් කිරීමට අවශ්‍ය පහසුකම් මේ ආණ්ඩුව ලබාදෙනවා.

හම්බන්තොට වරාය චීනයට, ති‍්‍රකුණාමලය, ඇමෙරිකාවට, කොළඹ වරාය ඉන්දියාවට දුන්නට පස්සේ රටේ ජනතාවට සිදුවන්නේ හැංගෙන්න බංකර් හදාගන්න විතරයි.

අද විමල් වීරවංශලාගේ, උදය ගම්මන්පිලලාගේ දේශපේ‍්‍රමය රෙද්දපල්ලෙන් බේරෙනවා.

මෙලෙස විකුණන්න හදන ජාතික සම්පත්වලට එරෙහිව ජනතාව පාරට බහින්න පෙර මෙම පනත් හකුලා ගන්න කියා ආණ්ඩුවට අප කියනවා. මේවාට විරුද්ධ ජනතාව පාරට බහිනකොට කොරෝනා පතුරන්න හදනවා කියා පවසන්න එපා.

– divaina


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ති‍්‍රකුණාමල වරාය, තෙල් ටැංකි හා අක්කර 33,000ක් ඇමෙරිකාවට.. කැබිනට් පත‍්‍රිකාව අනුමැතියට !
ති‍්‍රකුණාමල වරාය, තෙල් ටැංකි හා අක්කර 33,000ක් ඇමෙරිකාවට.. කැබිනට් පත‍්‍රිකාව අනුමැතියට !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi8K859bdnKaVzzwzDzVYaznj_qHuPIrODFHAczZyNdKLvZheIl__zNJB06oWXeKvMCN3KISH0ahQ85fN6XLGakyXLpzo7NrtAVeOpLUDg1WydKAc2EfBTeTQ7T3CUJzVZq4zwOlsZVrUlq/s320/trinco.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi8K859bdnKaVzzwzDzVYaznj_qHuPIrODFHAczZyNdKLvZheIl__zNJB06oWXeKvMCN3KISH0ahQ85fN6XLGakyXLpzo7NrtAVeOpLUDg1WydKAc2EfBTeTQ7T3CUJzVZq4zwOlsZVrUlq/s72-c/trinco.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/08/33000.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/08/33000.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy