රවී කරුණානායක මහතා ද සහභාගි වූ එම රැස්වීමේදී එජාප පාක්ෂිකයන් විසින් හූ කියමින් කාවින්ද ජයවර්ධන මහතාට සිය විරෝධය පළකර ඇති අතර මෙයට හේතු වී...
රවී කරුණානායක මහතා ද සහභාගි වූ එම රැස්වීමේදී එජාප පාක්ෂිකයන් විසින් හූ කියමින් කාවින්ද ජයවර්ධන මහතාට සිය විරෝධය පළකර ඇති අතර මෙයට හේතු වී ඇත්තේ පක්ෂයේ කටයුතුවලදී එජාපයේ ජ්‍යෙෂ්ටයෙකු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් මයිකල් පෙරේරා මහතා නොසලකා හැර කටයුතු කිරීමයි. ජෝශප් මයිකල් පෙරේරා මහතා වත්මන් ජා ඇල එජාප සංවිධායකවරයා ද වේ.
මීට පෙර අවස්ථාවකදී එජාප යොවුන් පෙරමුණේ සමුළුවක් සඳහා ජෝශප් මයිකල් පෙරේරා මහතාට ආරාධනා නොකිරීම හේතුවෙන් අදාල රැස්වීමේදී උණුසුම් තත්වයක් ඇති වූ අතර එහිදී ජෝශප් මයිකල් පෙරේරා මහතා ප්‍රකාශ කළේ පක්ෂයේ පැරණි නායකයන් හා පාක්ෂිකයන් අමතක කරමින් කටයුතු කරන බවයි.
ඊයේ පැවති රැස්වීමේදී කාවින්ද ජයවර්ධන මහතාට දැඩි විරෝධයක් එල්ල වූ අතර හූ හඬ මධ්‍යයේ ඔහුට රැස්වීමෙන් ඉවත්ව යාමට සිදුවිය.
COMMENTS