දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'අපට දුන්න බලතල පාවිච්චි කලා' - චම්පික කතා කරයි
Homeප්‍රවෘත්ති

'අපට දුන්න බලතල පාවිච්චි කලා' - චම්පික කතා කරයි

PropellerAds

නාගරික සංවර්ධන අධිකාරිය 1978 පිහිටුවන අවස්ථාවේදී, ඒ පනතට අනුව පාර්ලිමේන්තුවෙන් ලබාදීලා තිබෙන බලතලවලින් ඔබ්බට කිසිදු බලයක් පාවිච්චි කරලා නැ...

පැහැර ගත් කාන්තාව පවුල පිටින් ගුවනින් ස්විට්සරලන්තයට ගෙන යන බව ස්විස් තානාපති කියයි.. ශ‍්‍රී ලංකා රජය විරුද්ද වෙයි
පැහැර ගත් කාන්තාව පවුල පිටින් ගුවනින් ස්විට්සරලන්තයට ගෙන යන බව ස්විස් තානාපති කියයි.. ශ‍්‍රී ලංකා රජය විරුද්ද වෙයි
පාර්ලිමේන්තුව මාර්තු 01 විසුරුවයි.
'අපට දුන්න බලතල පාවිච්චි කලා' - චම්පික කතා කරයි

නාගරික සංවර්ධන අධිකාරිය 1978 පිහිටුවන අවස්ථාවේදී, ඒ පනතට අනුව පාර්ලිමේන්තුවෙන් ලබාදීලා තිබෙන බලතලවලින් ඔබ්බට කිසිදු බලයක් පාවිච්චි කරලා නැතැයි මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඔහු මේ බව පැවසූයේ අද (16) වෝටර්ස් ඒජ් හෝටලයේ විනෝදාස්වාද මධ්‍යස්ථානයක් ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

එහිදී අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය.

"මේ දවස්වල ඇතැමුන් විසින් වැරදි ආරංචියක් පතුරුවාගෙන යනවා නාගරික සංවර්ධන අධිකාරිය පළාත් සභාවල බලතල අරගෙන කියලා. එවැනි කිසිම දෙයක් සිද්ධ වෙලා නැහැ. නාගරික සංවර්ධන අධිකාරිය 1978 පිහිටුවන අවස්ථාවේදී, ඒ පනතට අනුව පාර්ලිමේන්තුවෙන් අපට ලබාදීලා තිබෙන බලතලවලින් ඔබ්බට කිසිම බලයක් අපි පාවිච්චි කරලා නැහැ" 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා, “අපට 1978 යම් බලයක් තිබුණද එසේම 2016 යම් බලයක් තිබුණද ඒ බලය මිස කාගෙවත් බලයක් අපි පාවිච්චි කරන්නේ නැහැ. මුළු රටේම සියළුම ගොඩනැගිලි සැලසුම් කිරීම් ආදියේ බලය තිබෙන්නේ නාගරික සංවර්ධන අධිකාරියටයි. එය පාර්ලිමේන්තුවෙන් වෙනස් වෙනකම්ම එම බලය තිබෙන්නේ නාගරික සංවර්ධන අධිකාරියටයි. පළාත් සභාවලට එහි කිසිම සම්බන්ධයක් නැහැ. පලාත් සභා එන්න බොහොම කලින් නාගරික සංවර්ධන අධිකාරි පනත සම්මත උනේ. ඒ වගේම සෑම පළාත් පාලන ආයතනයකම කමිටුවක් තිබෙනවා, ඒ කමිටුවට 1985 අග‍්‍රාමාත්‍ය රණසිංහ පේ‍්‍රමදාස මැතිතුමා චක‍්‍රලේඛයක් මගින් යම් යම් පරිපාලනයක් ලබාදුන්නා. පාරිපාලනය ලබාදීමයි බලය ලබාදීම් අතර ලොකු වෙනසක් තිබෙනවා. බලය තවමත් තිබෙන්නේ නාගරික සංවර්ධන අධිකාරියට. පරිපාලනය පළාත් පාලන ආයතනවල කොමිටියකට ලබාදුන්නා. ඒ කොමිටියේ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීනුත් ඉන්නවා. නමුත් අපි පසුගිය අයවැය විවාදයේදී පාර්ලිමේන්තුවේදී ආචාර්ය හර්ෂ ද සිල්වා මැතිතුමා යෝජනාවක් ගෙනාවා, විශාල වශයෙන් නීති විරෝධි ගොඩනැගිලි ඉදිවෙනවා. ඒ සඳහා අදාල නගර සභාවන් කි‍්‍රයාකරන්නේ නැහැ, ඒ නිසා මේ ගැන කටයුතු කරන්න කියලා. ඒක පර්ලිමේන්තුවේ අනුමත උනා. ඒ අනුව අපි තාවකාලිකව මුළු රට පුරාම සංගණනයක් කරගෙන යනවා, පළාත් පලන ආයතනවල අපේ අවසරයට පිටතින් ඉදිකරලා තිබෙන ගොඩනැගිලි මොනවද කියලා. ඒ අනුව අපට වාර්තා වෙලා තියෙනවා කොළඹ නගරයේ පමණක් එවැනි ඉදිකිරීම් 1800 ක් පමණ තිබෙන බව.  මෙය ප‍්‍රවණතාවයක් විදිහට ඉදිරියට ගියොත් ප‍්‍රවාහණය, මාර්ග තදබදය ඇතුළු ගැටළු ගණනාවකට මුහුණ දෙන්න වෙනවා. මේ සෑම තැනකම තට්ටු 5 කට අවසර අරං තට්ටු 10 ක් හදනවා. ඒවාට නඩු දැම්මහම නඩු විසඳන්න අවුරුදු 20 ක් පමණ යනවා. මෙන්න මේ විදිහේ ගැටළුවලට මුහුණ දීලා තියෙනවා. ඒ නිසා එම ප‍්‍රශ්න විසඳන්න අපි ඉදිරි හය මාසය ඇතුළත කි‍්‍රයා කරනවා.“

“කාගෙවත් බලතලයක් අප අරගෙනත් නැහැ. අපේ බලය අපි පරිපාලනමය වශයෙන් පරිහරණය කලා පමණයි. ඒ පරිපාලනමය වශයෙන් පරිහරණය කළ බලයෙන් 01% ක් පමණ මේ සංගණනය පවත්වාගෙන යාමත්, විධිමත්ව, සැලසුම් අවසන් කිරීමටත් අප ලබාගෙන තිබෙනවා. ජුනි මාසයේ අවසානයේදී ඒ පිළිබඳව අපි නිවැරදිව කටයුතු කරනවා. මේ ගැන පළාත් සභා අමාත්‍යවරයාටත් දැනුම් දී තිබෙනවා. ඒ ඇරෙන්න අපේ බලය පාර්ලිමේන්තුවේ තිබෙන්නේ. පළාත් සභාව සම්බන්ධයෙන් කවර ප‍්‍රඥප්තියක් ගෙනාවත් ඒක පාර්ලිමේන්තුවේ සම්මත විය යුතුයි. අපේ පනත අනුව පාර්ලිමේන්තුවට පමණයි අප වගකියන්නේ ඒ අනුව අප කටයුතු කරනවා. ඒ නිසා වැරදි තොරතුරු වැරදි ආරංචි පතුරුවලා පළාත් සභාවයි නාගරික සංවර්ධන අධිකාරියයි ගැටුමක් තියෙනවා කියලා තොරතුරු පළ කරන්න එපා. පළාත් සභාවට මෙතන කිසිම සම්බන්ධයක් නැහැ. නාගරික සංවර්ධන අධිකාරිය තමන්ගේ පනතට පිටතින් කිසිම බලයක් පාවිච්චි කර නැහැ. අපේ පනතේ ලැබී තිබෙන බලතල අනුව නීති විරොධි ස්ථාන හඳුනාගෙන අදාල බලධාරීන් සමග ලබන ජූනි මාසෙන් පසුව දැඩි පියවර ගැනීම් කරනවා. දැනට හඳුනාගත් ඒවට නඩු පැවරීම් කරනවා.“ යැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'අපට දුන්න බලතල පාවිච්චි කලා' - චම්පික කතා කරයි
'අපට දුන්න බලතල පාවිච්චි කලා' - චම්පික කතා කරයි
http://ift.tt/2lVdLPZ
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_684.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_684.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy