මෙවර මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඉදිරිපත් කරන අයවැය යෝජනාවලට අනුව නැව් කටයුතු පිළිබඳ ඒකාධිකාරය අහෝසි කිරීමට ගත් තීරණයට නැව් කටයු...
මෙවර මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඉදිරිපත් කරන අයවැය යෝජනාවලට අනුව නැව් කටයුතු පිළිබඳ ඒකාධිකාරය අහෝසි කිරීමට ගත් තීරණයට නැව් කටයුතු පිළිබඳ ඒකාධිකාරයක් පවත්වාගෙන යන නියෝජිතායතනය මෙහෙයවන ප්‍රමුඛපෙලේ සමාගම් දෙකක් විරෝධය පළ කර ඇතැයි වාර්තා වේ.
එම නැව් සමාගම් මෙහෙයවන අය විසින් කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනෙකු මේ වන විට අල්ලස් ලබා දී ඇතැයි ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
එම ආයතන හිමි කෝටිපතියන් දෙදෙනෙකු අදාළ ඇමතිවරන් අද හමුවී ඇතිඅතර, හෙට පැවැත්වීමට නියමිත කැබිනට් අය වැය යෝජනාවලදී කරුණු දක්වන ලෙස යෝජනා කර ඇත.
එසේ යෝජනා කර ඇති ව්‍යාපාරිකයන් දෙදෙනා පසුගිය රාජපක්ෂ පාලන සමයේ කෘෘට ආකාරයෙන් මුදල් උපයා ගත් ජාවාරම්කාර ව්‍යාපාරිකයන් දෙදෙනෙකි.
නාවික ක්ෂේත‍්‍රය ලිහිල් කිරීමේ අය වැය යෝජනාවට මරක්ස් ලයින්හි සහාය
මේ අතර විදේශීය ආයෝජන සඳහා මෙරට නාවික හා ප‍්‍රවර්ධන ක්ෂේත‍්‍රය විවෘත කිරීම හා ස්වාධීන වරාය නියාමකයෙකු හඳුන්වා දීම වෙනුවෙන් මුදල් ඇමති මංගල සමරවීර 2018 අය වැය හරහා ඉදිරිපත් කර ඇති යෝජනාවට තම පූර්ණ සහාය හිමි වන බව ලොව විශාලතම නැව් සමාගම වන මර්ස්ක් ලයින් පවසයි.
ඉන්දියාව, ශී‍්‍ර ලංකාව සහ මාලදිවයින සඳහා වන මර්ක්ස් හි කළමනාකාර අධ්‍යක්ෂ ස්ටීව් ෆෙල්ඩර් නිවේදනයක් නිකුත් කරමින් ඒ බව කියා සිටී.
සාමුද‍්‍රීය කර්මාන්තය ලිහිල්කරණය කිරීමට හා ව්‍යාපාරික වාතාවරණය වැඩිදියුණු කිරීමට රජයන් ගන්නා උත්සාහයන්ට තම සහාය ලැබෙන බව ඔහු පවසයි.
එහි ළා, නාවික නියෝජිතායතනවල විදේශීය හිමිකාරිත්වයට පනවා තිබූ සීමා ඉවත් කිරීම සහ වෙළෙඳ නාවික පනත සංශෝධනය කිරීම ද ඇතුළුව, කොළඹ වරාය ප‍්‍රධාන පෙළේ සාමුද‍්‍රීය කේන්ද‍්‍රස්ථානයක් බවට සංවර්ධනය කිරීමේ අරමුණින් ගැනීමට යන මෙම පියවර මර්ක්ස් ලයින් සමාගම ප‍්‍රශංසාවට ලක් කර සිටී.
තමන් වැනි නැව් සමාගම් ප‍්‍රතිනැව්ගත කිරීමේ කේන්ද‍්‍රස්ථානයක් ලෙසින් කොළඹ වරායට ආකර්ශණය කර ගත හැකි වන ලෙසින් හා ධාරිතා වර්ධනය කිරීමෙහි ළා, නෞකාවලට දැරීමට සිදු වන වියදම් අඩු වීමක් නාවික නියෝජිතායත ලිහිල්කරණය කිරීමෙන් සිදු වනු ඇතැයි එම සමාගම නිකුත් කළ නිවේදනයෙන් අවධාරණය කර ඇත.
අදාළ යෝජනා පාර්ලිමේන්තුව විසින් සම්මත කළහොත්, තම මූලස්ථානය හා ශී‍්‍ර ලාංකික හවුල්කරුවන් හා එක් වී මෙරට තම ව්‍යාපාර කටයුතු වැඩිදියුණු කිරීමේ විකල්ප සම්බන්ධයෙන් ඇගැයීමක් සිදු කරන බව මර්ක්ස් සමාගමේ කලාපීය කළමනාකාර අධ්‍යක්ෂවරයා තවදුරටත් කියා සිටී.
මර්ක්ස් සමූහ ව්‍යාපාරයට අයත් මර්ක්ස් ලයින් නියෝජනය කරමින් 108,000කට අධික කාර්ය මණ්ඩලයක් සහිත කාර්යාල 325ක් රටවල් 125ක පිහිටා ඇති අතර, භාණ්ඩ ප‍්‍රවාහන බහාලුම් මිලියන 1.9ක් සහ නෞකා 500කට අධික සංඛ්‍යාවක් එය සතුව පවතී.
COMMENTS