ටෙලිවිෂනය ඔස්සේ ජාතිය අමතමින් ඔහු කියා ඇත්තේ තමන්ගේ ජීවිතය පිළිබඳ බියක් පවතින නිසා මෙම තීරණය ගත් බවයි. 2009 සිට 2011 වසර දක්වා වගකීම් ස...
ටෙලිවිෂනය ඔස්සේ ජාතිය අමතමින් ඔහු කියා ඇත්තේ තමන්ගේ ජීවිතය පිළිබඳ බියක් පවතින නිසා මෙම තීරණය ගත් බවයි.
2009 සිට 2011 වසර දක්වා වගකීම් සහගත දේශපාලන ධුරයන් ඉසිළූ සාද් අල් හරීරි ලෙබනනයේ අග්‍රාමාත්‍ය පදවියට පත්වූයේ පසුගිය නොවැම්බරයේ ය. කෙසේ නමුත් මෙම ඉල්ලා අස්වීම සිදුකරන විට අගමැති පදවියේ වර්ෂ පූර්ණය සම්පූර්ණ කිරීමට ඔහුට දින කිහිපයක් ඉතිරි වී තිබේ.
සාද් අල් හරීරි, ලෙබනනයේ හිටපු අගමැතිවරයෙකු වන රෆීක් අල්-හරීරිගේ පුත්‍රයා ය. රෆීක් අල්-හරීරි ද 2005 වසරේ අගමැති පදවියේ සිටියදීම ඝාතනය කරනු ලැබීය. “අප ජීවත් වන්නේ දේශප්‍රේමී රෆීක් අල්-හරීරි ඝාතනයට පෙර පැවති වාතාවරණයක යි” යනුවෙන් ද ජාතිය අමතමින් සාද් අල්-හරීරි කියා තිබේ.
ලෙබනන් අගමැතිවරයා දැඩි සේ ඉරානය විවේචනය කරන්නෙකු වශයෙන් ප්‍රකට ය. සිය ඉල්ලා අස්වීම දැනුම් දෙන කථාවේදී ද ඔහු ඉරානය දැඩි සේ විවේචනය කළේය. ඔහු එහිදී පැවසුවේ ඉරානය, ලෙබනනය ඇතුළු රටවල් ගණනාවකට ‘භීතිය සහ විනාශය’ ගෙන දෙන බවයි.
ඉරානයේ සහාය ලබන හෙස්බොල්ලා ව්‍යාපාරය ද හරීරිගේ දෝෂ දර්ශනයට ලක් විය. ලෙබනන් දේශපාලනයේ හෙස්බොල්ලා ව්‍යාපාරයට සැලකිය යුතු බලයක් ද තිබේ. මේ අතර පසුගිය කාලයේදී අල් හරීරි අවස්ථා කිහිපයකදීම සෞදි අරාබිය වෙත ද සංචාරය කළේය. සෞදි අරාබිය සමග හරීරිට පවුලේ සබඳතා තිබේ. මේ අතර සෞදි අරාබිය සැලකෙන්නේ ඉරානයේ පරම හතුරෙකු වශයෙනි.
මෙම අනපේක්ෂිත ඉල්ලා අස්වීම බොහෝ දෙනෙකුගේ මවිතයට හේතු වී තිබේ. සාද් අල් හරීරි ට ඒ සඳහා බලපෑ ආසන්නතම හේතුව කිසිවෙකු නොදන්නා නමුත් ඔහු පවසා තිබෙන්නේ ඝාතන තැතක් පිළිබඳ ව තමන්ට නියත වශයෙන්ම ‘හැඟුණු’ බවයි.
- අමාලි ජයවීර
COMMENTS