ආණ්ඩුව තුල උත්සන්න වී ඇති අර්බුදය තුල සන්ධාන ආණ්ඩුවෙන් ඉවත්ව තනි ආණ්ඩුවක් ගොඩනැගීම සඳහා එක්සත් ජාතික පක්ෂය මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද...
ආණ්ඩුව තුල උත්සන්න වී ඇති අර්බුදය තුල සන්ධාන ආණ්ඩුවෙන් ඉවත්ව තනි ආණ්ඩුවක් ගොඩනැගීම සඳහා එක්සත් ජාතික පක්ෂය මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද රහසිගතව වෙන වෙනම සාකච්ජා ආරම්භකර ඇතිබව ඉතා විශ්වාසවන්ත කටයුතු දේශපාලන ආරංචිමාර්ග වලින් වාර්තාවේ.
ශ්‍රීලනිප ප්‍රබලයින් කිහිප දෙනෙනෙකු ඒ සම්බන්ධයෙන් රාජපක්ෂ පවුලේ හිතවතුන් කිහිපදෙනෙකු සමග රහසිගත සාකච්ජා වට කිහිපයක් පවත්වා ඇති අතර එජාපයේ ප්‍රබලයින් කිහිපදෙනෙකුද එජාප ආණ්ඩුවක් පිහිටුවීමේදී දෙමල ජාතික සන්ධානය හා ජවිපෙ සහය ලබාගැනීමේ හැකියාව සම්බන්ධයෙන් නොනිල මට්ටමේ සාකච්ජා පවත්වා ඇතැයි ඉහත ආරංචිමාර්ග පවසයි.
19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව තනි පක්ෂ ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් අමාත්‍ය ධුර සංඛ්‍යාව 30 දක්වා අඩුවීම
හේතුවෙන් ඇමතිධුර බෙදාගැනීම සම්බන්ධයෙන් ද මේවනවිට දෙපාර්ශවයටම අර්බුදයකට මුහුණදී සිටින බවද පැවසේ.
වැඩි වාසිය කාටද ?
වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී සංයුතිය අනුව තනි ආණ්ඩුවක් පිහිටුවන්නේ නම්, ඒ සඳහා වඩාත් වාසිදායක තත්වයක් ඇත්තේ එක්සත් ජාතික පක්ෂයටය. එම පක්ෂයට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර 107 ක් හිමිව තිබේ.
එහෙත්, එම පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පත්වූ පුජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ සහය මේවනවිට හිමිව ඇත්තේ ජනාධිපතිවරයා වෙතය.
ජාතික හෙළ උරුමයේ මන්ත්‍රීවරුන් මෙන්ම අමාත්‍ය රාජිත සේනාරත්න මහතා හා ඔහුගේ පුත් චතුර සේනාරත්න මහතා ද මෙවර පාර්ලිමේන්තුවට පත්වුයේ එක්සත් ජාතික පක්ෂයෙනි.
එජාප ආණ්ඩුවක් පිහිටුවන ලෙස එජාප පසුපෙළ මන්ත්‍රීවරුන් මේවනවිට අගමැතිවරයාට බලකරමින් සිටින බව පැවසේ.
COMMENTS