අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බැඳුම්කර කොමිසමේ දී තම නම සඳහන් කරමින් සිදු කළ ප්‍රකාශයට එරෙහිව අන්තර්ජාතික පාර්ලිමේන්තුවට පැමිණිලි කරන බව ප...
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බැඳුම්කර කොමිසමේ දී තම නම සඳහන් කරමින් සිදු කළ ප්‍රකාශයට එරෙහිව අන්තර්ජාතික පාර්ලිමේන්තුවට පැමිණිලි කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පෙරේදා (21) පාර්ලිමේන්තුවේදී පැවසීය.
එම ප්‍රකාශය තුළින් තමාට තර්ජනයක් වූ බවත්, එබැවින් ඒ වෙනුවෙන් කළ හැකි සියලු දේ සිදු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කිවේය.
එහිදී මන්ත්‍රීවරයා මෙසේ අදහස් දැක්වීය.
“අවුරුදු තුන හමාරක් ආණ්ඩුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් පිළිගත්තා. මේ අවුරුදු තුනට මන්ත්‍රීවරුන් කොපමණ හෑල්ලු කළාද කියලා ඔබ තුමන්ලා දන්නවද? අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට බැංකු වලින් ණය ගන්න බැහැ. එච්.එස්.බී.සී. බැංකුවේ, ස්ටෑන්ඩඩ් චාර්ටඩ් බැංකුවේ ගිණුමක් අරින්න මේ 225ටම බැහැ. ක්‍රෙඩිට් කාඩ් එකක් පාවිච්චි කරන්න බැහැ. මන්ත්‍රීවරුන් හෑල්ලු කරන්න එපා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාටත් ගරුත්වයක් තිබෙනවා. ඒක නැති කරන්න එපා. අර්ජුන් ඇලෝසියස් සමඟ දුරකථන ඇමතුම් ගත්තු කෝප් කමිටු සාමාජිකයන්ගේ සාමාජිකත්වය අත්හිටුවන්න ඕන.”
“මේ පිළිබඳ පරීක්ෂණයක් පවත්වන්න අවශ්‍යයි. බැඳුම්කර කොමිසමේදී අගමැතිතුමා අහනවා මහින්දානන්ද අලුත්ගමගේගේ ෆයිල් ටිකත් පරීක්ෂණය කරනවද කියලා. රටේ අගමැතිතුමා ද මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන්නේ. මේ රටේ පොලිස්පති අගමැතිතුමාද? මේ විදියට නීතිය යනවා නම් ඒක අවාසනාවන්ත තත්ත්වයක්. අගමැතිතුමා ජනාධිපති කොමිෂන් සභාවට කරපු ප්‍රකාශ පිළිබඳ මම අන්තරජාතික පාර්ලිමේන්තුවට පැමිණිලි කරනවා. මට තර්ජනයක් වන විදිහට අගමැතිතුමා කළ ප්‍රකාශයට කළ හැකි සියලු දේ කරනවා. ආණ්ඩු තියෙනවා, පරදිනවා ඒක හොඳට මතක තියා ගන්න. අධිකරණ තුනට අපි අධිකරණ ක් හදනවා.” එහිදී ඒ මහතා මෙසේද වැඩිදුරටත් අදහස් දැක්වීය.
COMMENTS