අවසන් හුස්ම හෙළන තුරු පිරිසිදු දේශපාලනයක නිරතවන බව නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ පෙරේදා (26) පස්වරුවේ අ...
අවසන් හුස්ම හෙළන තුරු පිරිසිදු දේශපාලනයක නිරතවන බව නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ පෙරේදා (26) පස්වරුවේ අතුරුගිරියේ පැවති ජන හමුවක් අමතමිනි.
එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ අදහස් දැක්වීය.
“අහන්න වික්‍රමසිංහ මහත්තයා පගාවක් ඉල්ලුවද කියලා, අහන්න සේනසිංහ පගාවක් ඉල්ලුවද කියලා. මොන මඩේ ගැහුවත් මේ රටේ ජනතාව දන්නවා පක්ෂය වෙනුවෙන් මම මගේ කාර්යභාරය කරනවා. හරි දේ වෙනුවෙන් මන් මගේ කාර්යභාරය කරනවා. සත්‍ය කවදා හරි ජය ගනී. මෙතුමන්ලට පොරොන්දු වෙනවා අපී හොරකම් කරන්නේ නැහැ. දේශපාලනයට අපේ පවුලේ උදවිය අපි ගාව ගන්නේ නැහැ. ප්‍රතිපත්ති ගරුකව පළවෙනි හුස්ම ගත්තෙත් මන් මේ වටිනා එක්සත් ජාතික පක්ෂයෙන්. අන්තිම හුස්ම අරින්නෙත් පිරිසිදුව දේශපාලනය කරලා.”
COMMENTS