හම්බන්තොට වරායේ මෙහෙයුම් කටයුතු ලබන මාසයේදී චීන සමාගම් විසින් ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඒ තුළින් ලැබෙන මුදල...
හම්බන්තොට වරායේ මෙහෙයුම් කටයුතු ලබන මාසයේදී චීන සමාගම් විසින් ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ඒ තුළින් ලැබෙන මුදල් වලින් රටේ ණය බරින් නිදහස් වීම සඳහා කොටස් වශයෙන් ණය ගෙවීමට බලාපොරොත්තු වන බවද අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.
එමෙන්ම වරායේ සංවර්ධන කටයුතුවලට සමගාමීව කර්මාන්තශාලා ඇති කිරීම සඳහාද හම්බන්තොට ප්‍රදේශයේ තවත් ඉඩම් චීනයට බදු පදනම යටතේ ලබා දීමට සිදු වන බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
හම්බන්තොට චීන මිත්‍රත්ව කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.
මෙම උත්සවය සඳහා මහින්ද සමරසිංහ , විජිත් විජයමුනි සොයිසා, සාගල රත්නායක යන අමාත්‍යවරුන් ද එක්ව සිටියේය.
COMMENTS