දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ස්‌ට්‍රයික්‌ කරන අය අත්අඩංගුවට ගන්නැයි ගැමුණු කියයි
Homeප්‍රවෘත්ති

ස්‌ට්‍රයික්‌ කරන අය අත්අඩංගුවට ගන්නැයි ගැමුණු කියයි

PropellerAds

බස් සංගම්  කිහිපයක් එක්වී ලබන දෙසැම්බර් පළමුවැනිදා පැවැත්වීමට සූදානම් වන දීප ව්‍යාප්ත බස් වර්ජනය අර්ථ විරහිත ක්‍රියාවක් බවත් එලෙස වර්ජනයේ ...

කාර්යාල වේලාවන් වෙනස් වෙයි - නිර්දේශ ඇතුළත් වාර්තාව ඇමැති මහින්ද අතට
කාර්යාල වේලාවන් වෙනස් වෙයි - නිර්දේශ ඇතුළත් වාර්තාව ඇමැති මහින්ද අතට
ඇලෝශියස්ගෙන් බැඳුම්කර වංචාවේ සල්ලි ගත්තු 118ක් මේ ඡන්දෙට ඉදිරිපත් වෙලා ඉන්නවා - බිමල්
ස්‌ට්‍රයික්‌ කරන අය අත්අඩංගුවට ගන්නැයි ගැමුණු කියයි

බස් සංගම්  කිහිපයක් එක්වී ලබන දෙසැම්බර් පළමුවැනිදා පැවැත්වීමට සූදානම් වන දීප ව්‍යාප්ත බස් වර්ජනය අර්ථ විරහිත ක්‍රියාවක් බවත් එලෙස වර්ජනයේ නියැලෙන්නන් අත්අඩංගුවට ගතයුතු බවත් සමස්ත ලංකා පෞද්ගලික බස් සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

ඒ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා, "අපි මේ වැඩ වර්ජනයට සම්බන්ධ වෙන්නේ නැහැ. මේ රුපියල් 25,000 දඩය යෝජනාවක්‌ විතරයි. පාර්ලිමේන්තු පනතකින් මේක සම්මත වෙන්න ඕනෑ. තාම මේක පනතකින් සම්මත කරලා නැහැ. නීතිපති දෙපාර්තමේන්තුව හා ප්‍රවාහන අමාත්‍යාංශය එකතුවෙන් මේ දේ වෙන්න ඕනෑ. මේකට තාම නීතියක්‌ නැහැ. නීතියක්‌ නැත්නම් අපි මොකටද වර්ජනය කරන්නේ.

අනෙක්‌ බස්‌ සංගම් මේ වර්ජනය කරන්නේ කරුණු හරිහැටි තේරුම් අරන් නොවෙයි. මම නම් කියන්නේ 01 වැනිදා, මේ ස්‌ට්‍රයික්‌ කරන අය අත්අඩංගුවට ගන්න කියලයි. මොකද බොරුවට මඟී ජනතාව අමාරුවේ දාන නිසා." යනුවෙන් කියාසිටියේය.

මේ අතර සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සමිති සම්මේලනයේ සභාපති ස්ටැන්ලි ප්‍රනාන්දු මහත් ප්‍රකාශ කරන්නේ කුමන තර්ජන ආවත් බස්‌ සංගම්, ත්‍රිරෝද සංගම්, පාසල් වෑන් රථ ඇතුළු සංගම් 100 ක එකතුවෙන් දෙසැම්බර් 01 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට දිවයිනේ සියලු බස්‌ රථ, ත්‍රිරෝද, පාසල් වෑන් රථ වැඩ වර්ජනයක නිරත වන බවයි.
මෙවර අය වැයෙන් යෝජනා කරන ලද රථවාහන වැරදි සම්බන්ධයෙන් වන රු. 25,000 අවම දඩ මුදලට එරෙහිව ක්‍රියාත්මක කිරීමට නියමිත බස්‌ වර්ජනය ස්‌ථිරදැයි විමසූ අවස්‌ථාවේ ඔහු එසේ පැවසීය.

තමන් පාවාදෙන්නන්ගේ ප්‍රකාශ වලට අවනත නොවන බව පැවසූ ස්‌ටැන්ලි ප්‍රනාන්දු මහතා මෙසේද කියා සිටියේය.

මේ බස්‌ වර්ජනය කරන්නේ නැහැ කියලා ගැමුණු කිව්වත් අපි වර්ජනය කරනවා. රථවාහන වැරදි සම්බන්ධයෙන් අවම දඩය වන රුපියල් 25,000 ක දඩයට හා රුපියල් 2500 දඩයට එරෙහිව රට පුරා බස්‌ රථ, ත්‍රිරෝද රථ, පාසල් වෑන් රථ දෙසැම්බර් 01 වැනිදා මධ්‍යම රාත්‍රි 12.00 සිට වැඩ වර්ජනයේ යෙදෙනවා. බස්‌ සංගම්, ත්‍රිරෝද රථ සංගම් ඇතුළු කුඩා සංගම් 100 ක්‌ වැඩ වර්ජනයට එක්‌වනවා. අපේ වර්ජනයට යතුරුපැදිත් සහාය දක්‌වන්න සූදානමින් ඉන්නවා. මේ රජය විසිපන්දහසේ දඩය අකුලා ගන්නකම් අපි වර්ජනයේ".

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ස්‌ට්‍රයික්‌ කරන අය අත්අඩංගුවට ගන්නැයි ගැමුණු කියයි
ස්‌ට්‍රයික්‌ කරන අය අත්අඩංගුවට ගන්නැයි ගැමුණු කියයි
http://ift.tt/2g8EvwA
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_392.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_392.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy