මෙම තීන්දුව පාර්ලිමේන්තුව වෙත සහ මැතිවරණ කොමිසම වෙත දැන්වූ පසු මැතිවරණ කොමිසම විසින් ගීතා කුමාරසිංහ මහත්මිය වෙනුවට වෙනත් පුද්ගලයෙකු අදාල ...
මෙම තීන්දුව පාර්ලිමේන්තුව වෙත සහ මැතිවරණ කොමිසම වෙත දැන්වූ පසු මැතිවරණ කොමිසම විසින් ගීතා කුමාරසිංහ මහත්මිය වෙනුවට වෙනත් පුද්ගලයෙකු අදාල මන්ත්‍රීධූරය සඳහා පත්කරනු ලබන අතර එය ගැසට් නිවේදනයක් මගින් ප්‍රසිද්ධියට පත් කරනු ඇත.
ද්විත්ව පුරවැසිභාවය හේතුවෙන් කුමාසිංහ මහත්මියගේ මන්ත්‍රීධූරය අහෝසි වන බව මීට පෙර අභියාචනාධිකරණය තීන්දු කළ අතර එම තීන්දුව මැතිවරණ කොමසාරිස්වරයා වෙත ද දැනුම් දී තිබිණි. කෙසේ වෙතත් කුමාරසිංහ මහත්මිය ඊට එරෙහිව ශ්‍රේෂ්ටාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කළ අතර, ශ්‍රේෂ්ටාධිකරණය විසින් පසුගිය සිකුරාදා අභියාචනාධිකරණයේ තීන්දුව අනුමත කෙරිණි.
ගීතා කුමාරසිංහ මහත්මියගේ ඉවත් කිරීමෙන් හිස්වන මන්ත්‍රීධූරය සඳහා ගාල්ල දිස්ත්‍රික් ලැයිස්තුවේ ඊළඟට සිටින පියසේන ගමගේ මහතා බොහෝදුරට පත්කිරීමට නියමිතය.
COMMENTS