එක්සත් ජාතික පෙරමුණේ ප්‍රබලයින් සිව් දෙනෙකු ලඟදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නායකත්වය දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වීමට සූදානමක්...
එක්සත් ජාතික පෙරමුණේ ප්‍රබලයින් සිව් දෙනෙකු ලඟදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නායකත්වය දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වීමට සූදානමක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව එක්සත් ජාතික පෙරමුණේ කටයුතු කරන රාජිත සේනාරත්න, අර්ජුන රණතුංග යන ඇමැතිවරුත් එජාපයේ මහරගම සංවිධායක, හිටපු ඇමැති විජේදාස රාජපක්ෂ මහතා ශ්‍රීලනිපයට එක්වීමට කැමැත්ත පළකර ඇති බවත් තවත් එජාපයේ ප්‍රබලයෙකු ස්ථීර ප්‍රකාශයක් සිදු කර නොමැති බවත් වාර්තා වේ.
බැඳුම්කර කොමිසමේ අවසන් වාර්තාව තව සති දෙකකින් ජනාධිපතිවරයාගේ අතට පත්වීමට නියමිතව ඇත. බැඳුම්කර කොමිසමේ අභ්‍යන්තර තොරතුරු වාර්තා සඳහන් කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් රැසක් අදාළ වාර්තාවෙන් පැහැදිලිවම වැරදිකරුවන් බවට පත්වන බවත් මේ අනුව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල දෙදරා යාමක් සිදුවන බවත් එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර තොරතුරු වාර්තා කරයි.
ඒ අනුව රාජිත සේනාරත්න, අර්ජුන රණතුංග අමාත්‍යවරුන් සහ විජේදාස රාජපක්ෂ හිටපු අමාත්‍යවරයාද මේ සම්බන්ධව ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර ඇති අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්භවයක් ඇති තවත් එක් මන්ත්‍රීවරයකු ජනාධිපතිවරයා එක්වීමට එකඟතාවය පල කර ඇත.
මේ අනුව ඉදිරි දිනවලදී ප්‍රබල දේශපාලන පිල්මාරුවක් සිදුවන බව එම ආරංචි මාර්ග පවසයි.
(am.lk)
COMMENTS