පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය යටතේ ආසන කිහිපයකට තරග කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. එජාපය සමග එක්ව තරග කරන සන්ධානයට පළාත් පාල...
පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය යටතේ ආසන කිහිපයකට තරග කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. එජාපය සමග එක්ව තරග කරන සන්ධානයට පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා හැකියාවක් ඇති බව ද අමාත්‍යවරයා පවසයි.
මාධ්‍ය හමුවේදී තවදුරටත් අදහස් දක්වමින් චම්පික රණවක මහතා ප්‍රකාශ කළේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කිරීමට ඒකාබද්ධ විපක්ෂය දැඩි විරෝධයක් එල්ල කරන්නේ දේශපාලන වාසි ලබාගැනීමේ අරමුණින් පමණක් බවයි. නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා පත්කර ඇති කමිටු කිහිපයකට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද නම්කර ඇති බවත් ඒ අනුව ඒකාබද්ධ විපක්ෂයට ද නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීමේ කටයුතු සඳහා සෘජුව සම්බන්ධ වියහැකි බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.
COMMENTS