ඊයේ (04) දහවල් තෙල්ගමු ඔයේ දිය නාමින් සිටියදී පුද්ගලයින් 8 දෙනෙකු දියේ ගිළී අතුරුදන් විය. ඒ අතරින් පස් දෙනෙකුගේ මළ සිරුරු ඊයේ සවස් වන ...
ඊයේ (04) දහවල් තෙල්ගමු ඔයේ දිය නාමින් සිටියදී පුද්ගලයින් 8 දෙනෙකු දියේ ගිළී අතුරුදන් විය. ඒ අතරින් පස් දෙනෙකුගේ මළ සිරුරු ඊයේ සවස් වන විට පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව කළ මෙහෙයුම්වලදී සොයා ගැනීමට හැකි විය.
දියේ ගිළී මියගොස් ඇත්තේ නාත්තන්ඩිය ප්‍රදේශයෙන් පැමිණි පිරිසකි. මේ දිනවල නකල්ස් රක්ෂිත ප්‍රදේශයට ඇද හැළෙන අධික වර්ෂාව නිසා තෙල්ගමු ඔයේ දිය පහර ක්ෂණිකව වැඩි වීම මෙම අනතුරට හේතු වී තිබේ.
- රංජිත් නිශාන්ත
COMMENTS