යුද්ධය නිමා කර උතුරු නැගෙනහිර පළාත්වල සංවර්ධනය ආරම්භ කළේ තම පාලන සමයේදී බව හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසයි...
යුද්ධය නිමා කර උතුරු නැගෙනහිර පළාත්වල සංවර්ධනය ආරම්භ කළේ තම පාලන සමයේදී බව හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (11) මඩකලපුව මංගලාරාම විහාරස්ථානයේ පැවති පිංකමක් සදහා සහභාගීවීමෙන් පසු ජනතාව අමතමිනි.
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ මහතා කියාසිටියේ," සයිනයිට් කරල බෙල්ලේ බැඳන් හිටපු දරුවන්ට පංචායුධය කරේ එල්ලලා පෑන අතට දෙන්න අපිට පුළුවන්කම ඇතිවුණා. අවුරුදු ගණනාවක් මේ නැගෙනහිර විතරක් නෙවෙයි උතුරේ දරුවන්ට ඉගෙනගන්න වුනේ බයෙන්. ඒ පාසල්වලට ගුරුවරු ආවේ නෑ. ඒත් අපිට පුළුවන් වුණා උතුරේ විශ්වවිද්‍යාල ඇතිකරන්න, පාරවල් ඇති කරන්න. ඒ වගේම යුද්ධයට පෙරවත් සමහර මාර්ගවල නොතිබුණු පාලම් ඉතා කෙටි කලකින් ඇතිකරන්න අපිට පුළුවන් වුණා. ඉතිං මේ අපි ඇති කළ සංවර්ධනය තමයි නිදහසින් පසු උතුරට ලැබුණු විශාලම සංවර්ධනය කියලා මට කියන්න පුළුවන්." බවයි.
එහෙත් වත්මන් ආණ්ඩුව පළාතේ ජනතාව සංවර්ධනයට දායක කරගැනීම වෙනුවට බෙදුම්වාදය ඉස්මතු කරමින් සිටින බවත් එම මතවලට යටත්වී රට බෙදීමට ගියහොත් අපහසුවෙන් එක්සේසත් කළ රට යළි බෙදීමකට ලක්වන බවත් ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කියාසිටියේය.
වීඩියෝව පහතින්.
COMMENTS